ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    දකුණු පළාතේ විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් වෙත රුපියල් කෝටියකට අධික ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ

    දෙසැම්බර් 18, 2019

    ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා යොමුවන විගමණික ශ්‍රමිකයින්ගේ දූදරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන කාර්යාංශය වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර, 2019 වර්ෂය සඳහා සංවිධානය කරනු ලබන දකුණු පළාත් වැඩසටහන හෙට දින (19) වැලිගම නගර ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

    මෙහිදී ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල දරුවන් 419 දෙනෙකු සඳහා රු.10,440,000.00 ක මූල්‍යමය ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට නියමිතය.

    පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 109 දෙනෙකු සඳහා රු.20,000 බැගින් රු 2,180,000.00 ක්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවන් 259 දෙනෙකු සඳහා රු.25,000 බැගින් රු 6,475,000.00 ක්ද, උසස් අධ්‍යාපනය හදාරන දරුවන් 51 දෙනෙකු සඳහා රු.35,000 බැගින් රු.1,785,000.00 ක්ද මෙහිදී ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලැබේ.

    2019 වර්ෂය සඳහා දිවයින පුරා සිටින විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් 2755 දෙනෙකු වෙනුවෙන් රු.6,876,000.00 ක මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනැමීමට කාර්යාංශය කටයුතු කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya