මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුසිලා පෙරේරා මහත්මිය, ලෝක ජනගහන අරමුදලේ ශ්‍රී ලාංකීය නියෝජිත රිට්සු නකෙන් මහත්මිය ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සඳහා සහභාගී වූහ.
ලිංගික සහ ස්ත්‍රි/පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිටු දැකීම ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අවධානයට යොමු වූ කරුණකි. ශ්‍රී ලංකාවේ ද මිට අදාළව වාද විවාද බොහෝ දක්නට ලැබේ. මේ අතර නව සංකල්පයක් ලෙස නොව ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ අප අත් දුටු සතුටු පවුල නැවත දැක ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවයක් වී තිබේ.
කාන්තා සෞඛ්‍ය යන්න කාන්තා කාර්යාංශයේ මාතෘ සහ ළමා සෞඛ්‍ය වැඩසටහනේ එක් අංගයක් ලෙසින් හඳුනාගෙන ඇත. මේ පිළිබඳව අවධානයට යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ, පවුල් සෞඛ්‍ය කාර්යාංශය හා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව මෙම උපදේශන සංග්‍රහය අඩංගු ග්‍රන්ථ ජනගත කිරීම සිදු වීය. එපමණක් නොව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ කාන්තා හිංසනය පිටු දැකීමට ආරම්භයක් ලෙස කාන්තා සෞඛ්‍ය පිලිබඳ 2003 වසර වල සිට කරන ලද වැඩසටහන් වල විශේෂ එකතුවක් ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිචාරයන් මෙලෙස මෙම ග්‍රන්ථ එලි දැක්විම මඟින් සිදු වීය.
කාන්තාව පදනම් වූ පවුලක්,සමාජයක් මේ රට තුළ පවතී. එම කාන්තාවට දුක් විඳීමට නොදී සෞඛ්‍යමය සහ සමාජභාවය සමතැනට ගෙන ඒමට සියළු දෙනා එක්ව කටයුතු කළ යුතුව ඇත. මේ සඳහා පවුල් සෞඛ්‍ය කාර්යාංශය විශාල දායකත්වයක් ලබා දී ඇත. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සැලකිල්ලට ගැනීමේ දී, කාන්තාවන් හිංසනයට පත් වීම සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත ශාරීරිකව හෝ මානසිකව කාන්තාවන් හිංසනයට පත් වීම වළක්විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවසා ඇත.
පසුගිය වසර වන විට 17% ක් කාන්තාවන් හිංසනයට ලක් වී ඇත්තේ තමන්ගේ සහකරුවන්ගෙන් බව කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇති බව ස්ත්‍රී/පුරුෂ සමාජභාවය පිලිබඳ ජාතික වැඩසටහන් කළමණාකාරිණි විශේෂඥ වෛද්‍ය නේතාංජලී මාපිටිගම මහත්මිය මෙම උත්සවය අමතමින් කියා සිටියාය. එපමණක් නොව එවැනි හිංසනයට ලක්වන කාන්තාවන් සිටින පවුල් වල දරුවන් මෙහි දී නිහඬ වින්දිතයින් බවට පත් වන බවත් අවධාරණය කරන ලදී.
පුරුෂයා සහ කාන්තාව එක් රාමුවකට කොටු කර ඇති අතර ඉන් නිතරගයෙන් ම පුරුෂයාට ඒකාධිකාරී බලය ලැබී ඇත. පුරුෂාධිපත්‍යය සහිත ශ්‍රී ලංකාව වැනි රටක බලවත් වූ පුරුෂයාට ගැහැණියට දඬුවම් දීමට හැකියාව එකී බලය මඟින් ලැබී ඇත. එහෙත් එය සමාජය ද වක්‍රව අනුමත කරනු ලබනැ අතර කිසිවිටෙක එය වැරද්දක් ලෙස නොසලකයි. දරුවකු උපතේ සිටම මෙම ස්ත්‍රී/පුරුෂ වර්ගීකරණයට ලක් කිරීම මත මනසට කාවැද්දීම සිදු කරයි. මෙම හේතුන් නිසා සිදුවන බලවත්ම පිඩාව වන්නේ ස්ත්‍රී පුරුෂසමාජභාවය මත සිදුවන හිංසනයයි.
ආරක්‍ෂිත මාතෘත්වයක් පිලිබඳව දකින සිහිනයේ දී කාන්තාවන් සඳහා වූ සාධාරණත්වය නම් වූ පදනම ශක්තිමත් කළ යුතු බවත් විශේඥ වෛද්‍යවරිය මෙහි දී ප්‍රකාශ කළාය. වර්තමාන ලෝකයේ මෙම තත්ත්වය උග්‍ර සෞඛ්‍ය ප්‍රශ්නයක් වී ඇති අතර මානව හිමිකම් පිලිබඳ වූ ගැටලුවකි. එමෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, මෙවැනි හිංසනයන් සිදු නොවූ කිසිඳු රටක්/ කලාපයක් හෝ නොමැති බව සඳහන් වේ. සමාජය විසින් නිර්මාණය කරන ලද යම් දෙයක් හේතු පාදක වීම නිසා ඇති වූ ප්‍රශ්නයක් ඊට වගකිව යුතු අපද ඇතුළුව පාර්ශ්වකරුවන් රැසක් සිටි.
ස්ත්‍රි/පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විවිධ වූ ප්‍රතිපත්ති ප්‍රකාශන සැළසුම් ඉදිරිපත් කිරීම, ඒවාට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා 1978 ජාතික ව්‍යවස්ථාවෙන් කිසිඳු ආකාරයක භේදයක් නොතිබිය යුතු අතර කිසිඳු ආකාරයක හිංසනයක් සිදු නොවිය යුතු බව සඳහන් කර ඇත. එමෙන්ම, 1993 සම්මත වූ කාන්තා ප්‍රඥප්තිය මඟින් කාන්තා අයිතීන් සුරැකීම රජයේ වගකීමක් වන බවත් සඳහන් කරන ලදී. 1998 සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් සම්මත වුණු සෞඛ්‍ය ප්‍රතිපත්තිය මඟින් ද මීට මැදිහත්වීමේ අවශ්‍යතාවය සඳහන් කර ඇත.