ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    හිංසනයට ලක්වූ කාන්තාවන්ට මිතුරු පියස මඟින් සහන

    දෙසැම්බර් 19, 2019

    කාන්තා හිංසනය සිදු වීම වළක්වාලීම අවම කිරීම සහ එවැනි හිංසනයන්ට ගොදුරුව සිටින ඕනෑම කෙනකුට සහනයක් ලබා දීම සඳහා දිවයිනේ රෝහල් 72 ක් තුළ මිතුරු පියස මධ්‍යස්ථාන හඳුන්වා දී ඇත.

    ඉදිරියේ දී අනෙකුත් රෝහල් තුළ ද එවැනි මධ්‍යස්ථාන අලුතින් ආරම්භ කිරීමට කටයුතු කරන බව ස්ත්‍රී/පුරුෂ සමාජභාවය පිලිබඳ ජාතික වැඩසටහන් කළමණාකාරිණි විශේෂඥ වෛද්‍ය නේතාංජලී මාපිටිගම මහත්මිය කියා සිටියාය.

    ඒ මහත්මිය මේ බව කියා සිටියේ ඉයේ(18) පැවති ලිංගික සහ ස්ත්‍රි/පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වළක්වාලීම පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහය සහ සතුටු පවුල සංකල්පය හඳුන්වාදීම පිළිබඳ උපදේශන සංග්‍රහය එළිදැක්වීම සඳහා වූ උත්සවයේ දී ය.


    එමෙන්ම, නව යුග දිවි ඇරඹීමට බලාපොරොත්තු වන පුද්ගලයින් වෙනුවෙන් අරඹා ඇති සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙන් ලබා දෙන නොමිලේ සේවාව ලබාගැනීමට කටයුතු කරන්න යයි ද ඒ මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.


    කාන්තා හිංසනය පිටු දැකීම පිළිබඳව ක්‍රියාමාර්ග ගෙන ඇති අතර එවැනි හිංසනයන්ට ගොදුරු වූ මානසික ව්‍යාකුල තත්ත්වයන්ට ලක් වූ ඕනෑම කෙනකු හට මෙම මිතුරු පියස මධ්‍යස්ථාන සුහද ශීලි වනවා පමණක් නොව හිංසනයට ලක් ව සහන අපේක්ෂාවෙන් පැමිණෙන්නවුන්ගේ රහස්‍ය භාවය ද සුරකිනු ලබයි. මේ සඳහා ක්‍ෂේත්‍ර වෛද්‍ය කාර්ය මණ්ඩලය පුහුණු කර ඇති අතර ඊට විශේෂඥ වෛද්‍යවරයෙකු මෙන්ම හෙද නිළධාරිනියක් විසින් සේවය සපයනු ලබයි.


    මේ සඳහා විධිමත් යොමුකිරීමක් අවශ්‍ය නොවන බවත්, මිතුරු පියසෙන් හිංසනයෙන් පිදවින්දින ඕනෑම කෙනකුට සහය වෙන්නට මිතුරු පියස හෝ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය නිරන්තරයෙන් උත්සුක වන බව ද මෙහි දී සඳහන් කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya