මෙම වැඩසටහන හරහා සියලුම මත්පැන් හා දුම්කොළ නිෂ්පාදන සැපයුම් දැඩි ලෙස නියාමනය කිරීමටත් ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරමින් කටයුතු කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සියලුම සහකාර සුරාබදු කොමසාරිස් නිලධාරීන් හට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව කපිල මහතා මෙහිදී සඳහන් කළේය.
මෙම දීප ව්‍යාප්ත සුරාබදු අධීක්ෂණ වැඩසටහන ආරම්භ කළ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයේදීම (11) නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කිරීමේ යෙදී සිටි සුරාබදු බලපත්‍රලත් මත්පැන්හල් 04ක් වැටලීමට කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සමත් වූ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය. මෙම සියලුම මත්පැන් හල් එම මොහොතේ සිටම බලපැවැත්වෙන පරිදි මුද්‍රා තැබීමට සුරාබදු නිලධාරීන් විසින් කටයුතු කළ බව ඒ මහතා සඳහන් කළේය.
දිවයින පුරා පිහිටි සුරාබදු කාර්යාල හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර දිස්ත්‍රික් සුරාබදු අධිකාරිවරුන් හා පළාත් සුරාබදු කොමසාරිස් නිලධාරීන් විසින් පූර්ණ අධීක්ෂණයට ලක් කෙරේ. සුරාබදු නීතීරීති හා විධිවිධාන උල්ලංඝනය කරමින් පවත්වාගෙන යනු ලබන සුරාබදු බලපත්‍රලත් ස්ථානවල එම අක්‍රමිකතාවයන් මෙන්ම සිය ප්‍රදේශ තුළ සිදුවන සුරා අපරාධ, දුම්කොළ අපරාධ හා මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 1913 දරණ විශේෂ දුරකථන අංකයට යොමු කරන ලෙස මහජනතාවගෙන් සුරාබදු දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.