ඒ අනුව රට තුළ පිහිටි 14,021 ක් වූ සියලුම ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයක් තුළ රුපියල් 2,000,000ක වටිනාකමින් යුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.
එම වැඩසටහන 2020 ජනවාරි මස 01 වන දින සිට ක්‍රියාත්මක කිරීම පිණිස අග්‍රාමාත්‍යතුමා සහ මුදල්,ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍යමණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන සහ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද(19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේය.
ග්‍රාම නිලධාරී කොට්ඨාස තුල මාර්ග පිළිසකර කිරීම, වැව් අමුණු ප්‍රතිසංස්කරණය කිරීම, පාසල් වැඩිදියුණු කිරීම ආදී ඒ ඒ ග්‍රාම සේවා වසම් වල වඩාත් ප්‍රමුඛතාවය ලබා දිය යුතු ව්‍යාපෘති හදුනාගෙන ලබන වසරේ පෙබරවාරි මස වන විට මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
තවද, අඩු ආදායම් ලාභී පවුල් වල ලක්ෂයක් දෙනා රාජ්‍යසේවයට බදවාගෙන කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යංශ කාර්යසාධක බලකායක් ස්ථාපනය කර මෙම ව්‍යාපෘතියට සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.