ශ්‍රි ලංකා මහ බැංකුව හා සාකච්ඡා කොට මෙතෙක් කල් ඔවුන් ලබා ගෙන තිබෙන ණය වලින් 20%-30%ක් අතර ප්‍රමාණයක් කපා හැරිමේ හැකියාව පිළිබඳව විමසන්නටත්, ලබා ගත් ණය නැවත ගෙවිම සඳහා මාස 06 සිට වසරක සහන කාලයක් ලබාදීම පිළිබඳ මෙන් ම ඔවුන්ගේ දේපළ වෙන්දේසි කිරිමට දැනටමත් කැඳවා තිබේ නම් අදාළ බැංකු සමඟ සාකච්ඡා කොට එම වෙන්දේසි වසරක කාලයකට නතර කිරිමට අවශ්‍ය නීතිමය රාමුව පිළිබඳව සාකච්ඡා කිරීමට කැබිනට් අනුමැතිය හිමි වි ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
අද(19) පැවැති කැබිනට් තීරණ දැනුම්දිමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ ය.
ශ්‍රි ලංකා තේ මණ්ඩලයේ අරමුදලින් රුපියල් මිලියන 500ක මුදලක් සහනදායි කොන්දේසි යටතේ, පිළිගත් බැංකු මඟින් අදාළ කර්මාන්ත ශාලා හිමියන්ට ලබා දීමටත්, ඒ ඔස්සේ ඔවුන්ට පියවීමට තිබෙන ණය පියවා නැවත වතාවත් තේ කර්මාන්තයේ පුනර්ජීවය වෙනුවෙන් සහන සළසන්නටත්, කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව ද ඇමතිවරයා පැවසිය.