මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    නායයෑම් නිවේදන පිළිබඳ සැලකිලිමත් වන්න - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

    දෙසැම්බර් 20, 2019

    කලා ඔය ආශ්‍රිතව වෙසෙන ගම්මාන වල ජනතාව තාවකාලිකව ඉවත්වන්න - මාර්ග අවහිරත්වයන්හි දී විකල්ප මාර්ග භාවිත කරන්න - නායයෑම් නිවේදන පිලිබඳ සැලකිලිමත් වන්න - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

    මහවැලි ජල වාරි පද්ධතිය හරහා ජලය විශාල ප්‍රමාණයක් අනුරාධපුරය කලා ඔයට ඒකරාශී වන හෙයින් කලා ඔයේ ජලය පිටාර ගැලීමේ තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ඒ ආශ්‍රිතව වෙසෙන ගම්මාන වල ජනතාවට තාවකාලිකව ඉවත්වීම වැදගත් වන බව අනුරාධපුර දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය වාර්තා කර සිටින බව ආපදා කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

    ඒ අනුව, තලාව, තඹුත්තේගම, ඉපලෝගම, ගල්නෑව යන ගම්මාන වල ජනතාවට මෙලෙස තාවකාලිකව ඉවත්වන්නැයි දැනුම් දී ඇත.

    තව ද, පානම ප්‍රදේශයේ ඔකඳ නම් පාලමේ යම් අබලන්තාවයක් පවතින බැවින් එම තත්ත්වය දැනට මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් නිරීක්ෂණය කරමින් පවතින බව ද, මේ පිළිබඳව ද ජනතාව බෙහෙවින් විමසිලිමත් වන ලෙස එම නිවේදනයේ සඳහන් වේ.

    එමෙන්ම, පස් කඳු කඩාවැටීම හේතුවෙන් උඩුදුම්බර, මී මුරේ මාර්ගය තවමත් වසා දමා ඇති බවත්, ජලගැලීම් තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව සෝමාවතිය මාර්ගයේ අවහිරතාවයක් ද පවතින හෙයින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.

    මේ වන විට මහනුවර, බදුල්ල, නුවරඑළිය, මොණරාගල සහ මාතලේ දිස්ත්‍රික්ක වලට නායයාම් නිවේදන නිකුත් කර ඇත. මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල - පල්ලේගම ප්‍රදේශයට සහ මහනුවර දිස්ත්‍රිකක්යේ උඩු දුම්බර ප්‍රදේශයටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශයටත්, රතු නිවේදනයක් නිකුත් කර ඇති බවත්, බදුල්ල, මොණරාගල අදියර එකේ නිවේදන ද නිකුත් කර ඇති බවත්, ඒ සම්බන්ධව ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටි.

    ඉදිරි ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් ආපදා කළමනාකරණ ඒකකයන් සමඟ පොලිසිය, ත්‍රිවිධ හමුදා ඒකකයන් ඒකාබද්ධ කර ඇති බව ද කොඩිප්පිලි මහතා එම නිවේදනය මඟින් වැඩිදුරටත් කියා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya