ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ජලාශ රැසක වාං දොරටු විවෘත කෙරේ

    දෙසැම්බර් 20, 2019

    දිවයිනේ ප්‍රදේශ රැසකට මිලි මීටර 100 ඉක්මවූ තද වැසි ඇද හැලෙන අතර අධික වර්ෂාවත් සමඟ ජලාශ රැසක වාන් දොරටු විවෘත කර තිබේ.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය ජලාශය, කලා වැව,තබ්බෝව,ඉඟිනිමිටිය,ලුණුගම්වෙහෙර, දැදුර ඔය ආදී ජලාශ , මාතලේ දිස්ත්‍රික්කයේ බෝවතැන්න සහ උඩවලව ජලාශද බදුල්ල දිස්ත්‍රික්කයේ උල්හිටිය ජලාශ ඇතුළු ජලාශ රැසක වාං දොරටු විවෘත කර තිබේ. කුඹුක්කන් ඔයෙ සහ හැඩ ඔය ජල මට්ටමද වැඩි වීමක් සිදු වෙන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

    පවතින අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටමේ වැඩි වීමක් පෙන්නුම් කරන අතර මහවැලි ගඟ දෙපස ජනතාව ද ඉතා අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි .

    අනුරාධපුර දිස්ත්‍රික්කයේද කලා ඔයේ ජල මට්ටමේ වැඩි වීමත් සමග ඇතිවිය හැකි ගංවතුර ආපදා හානි අවම කරගැනීම සදහා තලාව, ඉපලෝගම, තඹුත්තේගම සහ ගල්නෑව කලාඔය අවට පහත්බිම්වල ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

    මේ අතර අධික වර්ෂාව හේතුවෙන් මාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇති අතර පොළොන්නරුව සිට සෝමාවතිය දක්වා දිවෙන මාර්ගය ද ජලයෙන් යට වී ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

    බදුල්ල දිස්ත්‍රික්කයේද පුද්ගලයන් 70කට වැඩි පිරිසක් මේ වන විට ඉවත් කර තිබෙන අතර මහනුවර,නුවරඑළිය, ,මාතලේ,මොණරාගල ඇතුළු දිස්ත්‍රික්ක 05ක් පුරා නාය යාම් නිවේදන නිකුත් කර තිබේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 200ක් තාවකාලික ප්‍රදේශ කරා ඉවත් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya