තවද පවතින තත්ත්වය පිළිබඳ ගරු අමාත්‍යවරයා විසින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ව දැනුවත් කරන ලදි. එමෙන්ම ප්‍රාදේශීය දේශපාලඥයින් හා ආරක්ෂක අංශ දැනුවත් කරමින් කඩිනම් පියවර ගැනීමට කටයුතු කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට ඇහැටු වැව, ගල්ගමුව, පොල්පිතිගම, මහව යන වැව්හි වාන් දොරටු විවෘත කරමින් පවතින බවත් මෙම තත්ත්වය හේතුකොට ගෙන එම ප්‍රදේශයන් හි බොහෝ පිරිසක් අවතැන් වී ඇති බවත් වාර්තා වේ. එමෙන්ම මී ඔය පිටාර ගැලීම ආරම්භ වී ඇති හෙයින් ද මී ඔය ඇතුළු මෙම වැව් සියල්ල එකම කලාපයක පිහිටා ඇති හෙයින් ද ප්‍රදේශයේ ජනතාව අතිමහත් අවධානමකට මුහුණ පාමින් සිටී. මෙම තත්ත්වය පිළිබඳ සොයා බැලූ අමාත්‍යවරයා අවශ්‍ය පියවර ගැනීම සඳහා අදාළ නිලධාරීන් දැනුවත් කළේය.
එමෙන්ම මේ වනවිට දැදුරු ඔය ජලාශයේ ද වාන් දොරටු විවෘත කරමින් පවතින අතර එමගින් නිකුත් කෙරෙන ජල ධාරිතාව තත්පරයට ඝන අඩි 27 500 ක් වේ. මෙසේ විශාල ජල ධාරිතාවක් නිකුත් කරන හෙයින් වාරියපොළ, රස්නායකපුර, පඞුවස්නුවර බටහිර, මහව, නිකවැරටිය, කොබෙයිගනේ සහ ඉංගිරිය ප්‍රදේශයන්ට වැඩි ගංවතුර අවදානමක් පවතින බව කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ වනවිට අදාළ අවදානම් ප්‍රදේශයන්ගෙන් ජනතාව ඉවත් කරන ලෙසටත්, කුරුණෑගල භාර නියොජ්‍ය පොලිස්පතිවරයාට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහාත් දැනුවත් කරන ලදි. එමෙන්ම මේ වනවිට හදිසි අවශ්‍යතාවයන් මතු වුවහොත් ක්‍රියාත්මක වීම සඳහා පොලිසිය, හමුදාව සහ නාවික හමුදාව සඳහා මූලික දැනුවත් කිරීම් සිදුකරන ලෙසටත් අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.