මෙම වැඩසටහන (19) වැලිගම නගර ශාලාවේ පැවති අතර, මෙහිදී ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල දරුවන් 419 දෙනෙකු සඳහා රු.10,440,000.00 ක මූල්‍යමය ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.
පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 109 දෙනෙකු සඳහා රු.20,000 බැගින් රු 2,180,000.00 ක්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවන් 259 දෙනෙකු සඳහා රු.25,000 බැගින් රු 6,475,000.00 ක්ද, උසස් අධ්‍යාපනය හදාරන දරුවන් 51 දෙනෙකු සඳහා රු.35,000 බැගින් රු.1,785,000.00 ක්ද මෙහිදී ශිෂ්‍යත්ව ප්‍රදානය කර තිබේ.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා යොමුවන විගමණික ශ්‍රමිකයින්ගේ දූදරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන 1996 වසරේ සිට කාර්යාංශය වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර, 2019 වර්ෂය සඳහා දිවයින පුරා සිටින විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් 2755 දෙනෙකු වෙනුවෙන් රු.6,876,000.00 ක මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනැමීමට නියමිතය.
මෙම අවස්ථාවට කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ආයතනික කටයුතු) ඩී.ඩී.පී.සේනානායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමාජ සංවර්ධන) ඩබ්.ලීලාරත්න, කළමනාකරු (ප්‍රචාරක) බී. හිත්තැටියගේ යන මහත්වරුන්ද එක්ව සිටියහ.