ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    සහල් පාලන මිල කඩ කරන වෙළෙඳ සැල් පරීක්ෂාව අඛණ්ඩව

    දෙසැම්බර් 21, 2019

    පාරිභෝගික කටයුතු අධිකාරිය සහ ශ්‍රි ලංකා පොලීසිය ඒකාබද්ධව පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කරන වෙළෙඳ සැල් වැටලීම දැන් ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    පාරිභෝගික අධිකාරිය පසුගියදා දේශීය සම්බා සහ නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 98ක් ලෙස ගැසට් මගින් නිවේදනය කළේය.
    සිදු කළ වැටලීම්වලදී වෙළෙඳ සැල් 1430ක් පරීක්ෂාවට ලක් විය. පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කළ වෙළෙඳ සැල් 512ක් හඳුනාගත් බව පොලිසිය නිවේදනය කරයි.
    හඳුනාගත් පාලන මිල කඩ කළ වෙළෙඳ සැල් 89කට නඩු පවරනු ලැබීය. කලින් දවසේ හඳුනාගත් වෙළෙඳසැල් හිමියන් දැනුවත් කොට ඔවුනට අවවාද කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya