ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ජල ගැලීම්වලින් දිස්ත්‍රික්ක 13කට පීඩා-26492කට අයත් පවුල් 7565ක් ආපදාවට

    දෙසැම්බර් 22, 2019

    පවතින අයහපත් කාලගුණික තත්ත්වය හා ජල ගැලීම් හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 82ක් බලපෑමට ලක්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන වාර්තා සඳහන් කරයි.

     

    මේ අනුව බදුල්ල, මොණරාගල,මඩකළපුව ,අම්පාර,මහනුවර,නුවර එලිය,මාතලේ,හම්බන්තොට,කුරුණෑගල,පුත්තලම,කෑගල්ල, අනුරාධපුර හා පොළොන්නරුව යන දිස්ත්‍රික්ක අයහපත් කාලගුණයට මුහුණ පා තිබේ.

    ආපදා හේතුවෙන් පුද්ගලයින් 26492කට අයත් පවුල් 7565ක් ආපදාවට ලක්ව තිබේ. මරණ තුනක් වාර්තා වෙයි.ආරක්ෂිත ස්ථාන 93ක පවුල් 3314ක පුද්ගලයින් 11916ක් රැදී සිටියි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදී ඉදිරි දිනවල ද වැසි තත්ත්වය එළෙසම පවතී.

    ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය මඟින් මේ වනවිට මාතලේ,බදුල්ල,නුවර එලිය,මහනුවර යන දිස්ත්‍රික්ක වල නාය යෑම් රතු නිවේදන නිකුත් කර තිබේ. මේ වනවිට ජලාශ රැසක වාන් දොරටු විවෘත කර තිබේ.
    එමෙන් ම මෙම දිස්ත්‍රික්කවල ප්‍රදේශ ගණනාවක මාර්ග අවහිරවීම් ද වාර්තා වී තිබේ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya