උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, වයඹ සහමධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් ප.ව.2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී.100 වැඩි ඉතා තද වැසිද බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් මඩකලපුව, අම්පාර, නුවරඑළිය, මාතලේ, පුත්තලම, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.(75-100) පමණ තරමක් තද වැසිද ඇතිවිය හැක.
උතුරු-මැද සහ වයඹ පළාත්වල සුළගේ වේගයේ විටින් විට පැ.කි.මී.40 දක්වා වැඩි විය හැක.
බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.
මේ වනවිටත් ජල ගැලීම් හේතුවෙන් දිවයිනේ පළාත් රැසක මාර්ග අවහිර වී ඇති අතර නිවාස රැසක් ම ජලයෙන් යටවී තිබේ.