2020 ජනවාරියේ සිට මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ආයෝජන මණ්ඩලයට උපදෙස් දුන්නේය.
මේ අනුව අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරන අයදුම්පත් සදහා අන්තර්ජාලය ඔස්සේම ඒ ඒ ආයතන සම්බන්ධ කරගෙන ඊට තාවකාලික (Pending) අනුමැතිය ලබා දීමටත් ඉන්පසු නිශ්චිත කාලයක් තුල අදාල අවසරය ලබා දීමටත් පියවර ගැනෙනු ඇත.
කිසියම් ආයෝජකයෙකුට මෙරට ආයෝජනය කිරිමේදී තවත් රාජ්‍ය ආයතන රැසක් අනුමැතිය ලබා ගැනීමට සිදු වේ. ඒ ඒ ආයෝජනයේ ස්වභාවය අනුව එලෙස අනුමැතිය ලබා ගත යුතු ආයතන සංඛ්‍යාව වෙනස් වේ. කෙසේ වෙතත් මෙලෙස ආයෝජන සදහා අවසර ගත යුතු යැයි හදුනාගෙන ඇති රාජ්‍ය ආයතන සංඛ්‍යාව 28 කි.
මෙම ආයතන වන්නේ, සමාගම් රෙජිස්ටාර් දෙපාර්තුමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, කොළඹ මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය, භූ විද්‍යාත්මක සමීක්ෂණ සහ පතල් කාර්යාංශය, ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව, නගර සභා / පළාත් පාලන ආයතන, වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව, ආපදා කළමණාකරන මධ්‍යස්ථානය, කෘෂිකර්ම අමාත්‍යංශය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තුමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව, ඉඩම් ගොඩකිරීම් සහ සංවර්ධන සංස්ථාව, වන ජීවී දෙපාර්තුමේන්තුව, විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය, මුදල් අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය, නීතිපති දෙපාර්තුමේන්තුව, ආනයන සහ අපනයන දෙපාර්තුමේන්තුව සහ ජාතික අන්තරාය ඹෟෂධ පාලන දෙපාර්තුමේන්තුව යන රාජ්‍ය ආයතනයි.
මෙරට පැමිණෙන ආයෝජකයන් මුහුණපාන ප්‍රධාන ගැටළුවක් බවට පත්ව තිබෙනුයේ අදාල අවසර ලබා ගැනීමට කාලයක් ගත වීම බව ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ අදහසයි. එමෙන්ම ආයෝජකයින්ට අදාළ කාර්යාලවල රස්තියාදු වීමට ද සිදුවේ. පසුගිය කාලයේ එවැනි ප්‍රමාදවීම් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් තමන්ට ලැබුණු බව රණතුංග මහතා කීවේය. මේ නිසා දූෂණ සහ අක්‍රමිකතා සිදු වන බවට ද පැමිණිලි ලැබි තිබේ. මෙය මෙරටට ආයෝජකයන් නොපැමිණීමට බලපා ඇතැයි ද රණතුංග මහතා කීවේය.
මෙම වැඩසටහනට කැබිනට් අනුමැතිය ලබා ගැනීම සදහා කැබිනට් පත්‍රිකාවක් සකසන ලෙසත් එය ඊළග කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් රණතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරයාට හා ආයෝජන මණ්ඩල අධ්‍යක්ෂ ජනරාල්වරියට උපදෙස් දි ඇත.