පවුල් 19095 අයත් පුද්ගලයින් 65294 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර පවුල් 5,255 කට අයත් පුද්ගලයින් 15510 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 123ක රඳවා සිටින බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
පවතින අයහපත් කාළගුණය හේතුවෙන් පළාත් 07ක දිස්ත්‍රික්ක 13කට බලපෑම් එල්ල වී ඇති අතර වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේයි.
එම සංඛ්‍යාව 16,836ක්. බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 15කට ආපදා තත්වයෙන් බලපෑම් එල්ල වී තිබේ. මේ අතර මාතලේ, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්ක 04කට නිකුත් කර ඇති නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් වලංගු වන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කරයි.