ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    තවදුරටත් මිලි මීටර් 100ත් 150ත් අතර තද වැසි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    දෙසැම්බර් 23, 2019

    ඉදිරි පැය කිහිපය තුළ උතුර, පොළොන්නරුව හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 100ත් 150ත් අතර තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (23) නිකුත් කළ නිවේදනයේ සඳහන් කරයි.

    බස්නාහිර පළාතේ හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ වැසි ඇතිවිය හැකි බව කාළගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    අම්පාර,මඩකලපුව සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 -100 ත් අතර තද වැසි ඇතිවිය හැකිය. ගිගිරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු අනතුරු අවම කරගන්නා ලෙසද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    නායායෑම් සිදුවිය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවා තිබූ මාතලේ,මහනුවර,නුවරඑළිය,බදුල්ල,මොනරාගල,රත්නපුර යන දිස්ත්‍රික් 06ට එම අවදානම් නිවේදන තවදුරටත් වලංගු වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya