මේ සඳහා සාමාන්‍ය පෙළ සමත්, උසස්පෙළ සමත් සහ උසස්පෙළට වඩා වැඩි සුදුසුකම් සහිත පුද්ගලයින් සුදුසුකම්ලාභින් නොවන බව ද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ,උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන ඇමති බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පිහිටි මාධ්‍ය හමුවේ දී අද (23) ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව, මෙම පත්වීම් 100,000 කම්කරු පත්වීම් ලෙස තෝරාගත් අඩු අදායම්ලාභී පවුල් වල ජිවත් වන සමෘද්ධි ලාභීන්ට පමණක් ලබා දීමට කටයුතු කෙරේ.
මේ වන විට විවිධ පුද්ගලයින් මෙම පත්වීම් ලබා ගැනීම සඳහා දේශපාලඥයින් හරහා කටයුතු කරමින් සිටින බවත් කියා සිටි ඒ මහතා මෙම නව පත්වීම් ලක්ෂය ලබා දීමට කටයුතු කරනු ලබන්නේ වැඩකළ වයසේ පසුවන වැඩ කිරීමට කැමති අඩු අධ්‍යාපන මට්ටමක් සහිත (අපොස සාමාන්‍ය පෙළට වඩා අඩු අධ්‍යාපන මට්ටමක සිටින) ස්ත්‍රී/පුරුෂ දෙපක්ෂයේම පුද්ගලයින් සඳහා පමණක් බව අමාත්‍යවරයා කියා සිටි.
මෙම පත්වීම් ලබා දීමෙන් පසු ඒ තෙක් ලැබෙන සමෘද්ධි ප්‍රතිලාභය අහිමිව යන බවත්, එහෙත් රාජ්‍ය සේවය සඳහා වැටුප වශයෙන් මාසිකව රුපියල් 25,000/30,000 ක පමණ වැටුපක් හිමිවන බවත්, ඊට අර්ථසාධක හිමි, සමාජ ආරක්ෂණ ක්‍රමයක් සහ රාජ්‍ය සේවයට අයත් අයිතිවාසිකම් සහිතව මෙම පත්වීම් ලබා දීමට කටයුතු කරන බවත් මෙහි දී සඳහන් කෙරිණි.
ජනාධිපතිතුමාගේ විශේෂ වැඩපිළිවෙලක් මඟින් මෙම නව සේවා ලාභීන් සඳහා මාස 06 ක පුහුණු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඔවුන්ට ඔවුන් ජීවත් වන ප්‍රදේශයේම සේවය කිරීම සඳහා අවස්ථාව මෙමඟින් සැලසෙන අතර ඔවුන් හරහා ප්‍රදේශයට අදාළව ඩෙංගු වැඩසටහන්/සිවිල් ආරක්ෂණ වැඩසටහන් ආදිය නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මෙහි දී සඳහන් කෙරිණි. ඒ අනුව රැකියා ලැබීමකට වඩා දිළිඳුකම තුරන් කිරීම වෙනුවෙන් ජිවන වෘත්තියක් ලබා දීම මඟින් මෙරට ශ්‍රම බලකාය ශක්තිමත් කිරීම මෙම දිළිඳු කම පිටුදැකීම වැඩසටහනේ අරමුණ වේ.