ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    අපදා තත්ත්වය හමුවේ රජය හැකි උපරිම සහන ලබා දෙනවා -ජනපති පීඩාවට පත් වූ ජනතාව හමුවෙයි- අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    දෙසැම්බර් 23, 2019

    පවතින ආපදා තත්ත්තවය හමුවේ රජයක් වශයෙන් කළ හැකි උපරීම සහන සලසන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ,උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේ දී පැවසීය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගංවතුරින් පීඩාවට පත් ඇති ජනතාව හමුවීමට රාජංගනය ප්‍රදේශයේ සංචාරයකට එක් වන බව පැවසු ඇමතිවරයා, අද දවස තුළ එම ස්ථාන වලට ගොස් ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ලබා ගෙන සහන සැලසිමට කටයුතු කරන බවයි. ක්ෂණික සහන සැලසෙන ආකාරය ඇසින් දැක බලා ගැනම ජනාධිපතිවරයාගේ මෙහි අරමුණ වි තිබේ.

    එසේම මේ වන විට අවශ්‍ය අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශය හා ආපදා කළමණාකරණය සමඟ සාකච්ඡා කරන බව ඇමතිවරයා පැවසිය. මේ වනවිට ලක්ෂ 170ක් පමණ මේ සඳහා වෙන් කර තිබේ. එසේම ඉතිරි අවශ්‍ය ප්‍රතිපාදන අතුරු සම්මත ගිණුමෙන් හෝ විශේෂ ආපදා තත්ත්වය යටතේ ලබා ගැනීමට කටයුතු කෙරෙන බව සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya