එහෙත් ඔවුන් ලබාගත හැකි ණය කපා හැරීමක් සිදු නොවේ. ඒ වෙනුවට එම ණය පොළිය යළි සංශෝධනය කොට එම ව්‍යවසායකයින්ට සහන සැලසීම සඳහා රජය මහා බැංකුව සහ වාණිජ බැංකු සමඟ සාකච්ඡා කොට වැඩපිළිවෙලක් සකස් කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ , උසස් අධ්‍යාපන හා තාක්ෂණ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (23) පැවතී මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසීය.
වාණිජ බැංකු වලින් ණය ලබාගෙන ඇති සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගෙන් 70% ක් පමණ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් එම ණය නොගෙවීම පමා කර ඇති බව ද ඒ මහතා කීය.