මේ වන විට අවතැන් වූ පුද්ගලයින් 15,510 ක් ආරක්‍ෂිත ස්ථාන 123 ක රඳවා ඇත. ඒ අනුව, නිවාස හානි සඳහා රුපියල් 550,000.00 ක් සහ හදිසි සහන ප්‍රතිපාදන වෙන් කිරීම් යටතේ රුපියල් 16,745,000.00 ක මූල්‍ය ප්‍රතිපාදන ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මඟින් ලබා දීමට කටයුතු යොදා ඇත.
එමෙන්ම, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මඟින් ඇද ඇතිරිලි, බ්ලැන්කට්, කෑම දාන පෙට්ටි, ප්ලාස්ටික් බෝතල් ඇතුළත් පෙට්ටි, ප්ලාස්ටික් කෝප්ප පෙට්ටි, බෙඩ් ෂීට්, ඉටිපන්දම්, ශීත කබා සහ ගාබේජ් බෑග් බන්ඩල් ආදි වූ සහන භාණ්ඩ පොළොන්නරුව හා අනුරාධපුරය දිස්ත්‍රික්කයේ අවතැන් වූ පුද්ගලයින් සඳහා බෙදා හැරීමට ද කටයුතු කර ඇත.