එක් යාත්‍රාවක් දිගින් මීටර් 12ක් වන අතර පළලින් මීටර් 5.5 කි.
පැයට නාවික සැතපුම් 22ක වේගයෙන් යාත්‍රා කළ හැකි මෙම අධිවේගී නවීන යාත්‍රා 02 කොළඹ නැව් තටාකාංගන පුද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කරන ලද අතර පයිලට් 16 (Pilot 16) හා පයිලට් 17 ( Pilot 17) ලෙස ඒවා නම්කර තිබේ. මෙම යාත්‍රා දෙකත් සමග ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් නාවුක සේවා සදහා යෙදවෙන ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සමස්ත නියමු යාත්‍රා සංඛ්‍යාව 08 ක් බවට පත්වේ. මේ සමග කොළඹ වරායට පැමිණෙන නෞකා සදහා විශ්වසනීය , කාර්‍යක්ෂම හා කඩිනම් නාවුක සේවා සම්පාදනයට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු හැකියාව තවදුරටත් වර්ධනය වනු ඇත. යාත්‍රා දෙකෙහි වටිනාකම ඇ.ඩො මිලියන 3.12 කි.
කොළඹ වරාය සතුව දැනට නියමු යාත්‍රා දහසයක් පමණ තිබුණද ඉන් බොහොමයක් අවශ්‍ය නාවුක වේගය නොමැති බවත් නව තාක්ෂණය සමග අලුතින් එක්වන නියමු දියත් යාත්‍රාවන් දෙකත් සමග වරායේ යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් වන බවත් මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් සඳහන් කල අමාත්‍යවරයා පැවසුවේ පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරය නිසා ජීවිත පමණක් නොව රටේ ආර්ථිකයද විනාශ වූ බවත් ජාත්‍යන්තරව මෙරටට හිමි වීමට තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 50ක පමණ ඇණවුම් එදිනම අවලංගු වූ බවත් සඳහන් කළ අමාත්‍යවරයා, අදක්ෂ පාලනය සහ සොරකම නිසා විශාල විනාශයක් රටට සිදු වූ බවත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නෙ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක, කළමනාකාර අධ්‍යක්ෂ කපිතාන් අතුල හේවාපතිරණ, කොළඹ නැව් තටාකාංගන පුද්ගලික සමාගමේ සභාපති එච්. ටනකා , එහි ප්‍රධාන විධායක නිලධාරී ඩී.වී අබේසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ