විපතට පත් ජනතාව උදෙසා වන සහන වැඩපිළිවෙළ පිළිබඳව සොයා බැලිමේ විශේෂ සාකච්ඡාවට (23) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිතුමා මේ උපදෙස් දුන්නේය. විපතට පත් පවුල් 451 ක 1588 දෙනෙක් මධ්‍යස්ථාන 10ක මේ වන විටත් රැඳී සිටිති. දිස්ත්‍රික්කයේ නිවාස 08 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, අර්ධ හානි සිදුවී ඇති නිවාස සංඛ්‍යාව 250කි.
අවස්ථා කිහිපයකදීම ගංවතුරෙන් පීඩාවට පත් ඇලහැර, බකමූණ ජීපීඑස් කොටසෙහි පවුල් සංඛ්‍යාව 21කි. විකල්ප ඉඩම් හඳුනාගෙන නිවාස ඉදිකර ඔවුන් පදිංචිකරවීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා නිලධාරින්ට දැනුම් දුන්නේය.
ඔවුනට යලිත් මෙවන් පීඩාකාරී තත්ත්වකට මුහුණදීමට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
පසුගිය කන්නවලදී සිදුවූ වගා හානි වෙනුවෙන් වන්දි ගෙවීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. සාකච්ඡාවට සම්බන්ධ නොවු නිලධාරින් සහ පාර්ශ්ව කැඳවා ඉදිරි පියවර ගැනීමට තීරණය කරනු ලැබීය. අනතුරුව ජනාධිපතිතුමා තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුදු නෙළුම්ගම ගංවතුරෙන් විපතට පත් ජනතාව පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් විය.
රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි සිරිපාල ගම්ලත්, හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් යන මහත්වරු සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහූ ද ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහූ ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.