ශ්‍රී ලංකා තැපෑල මේ වන විට 61% ක් අදායම් ලබන තත්ත්වයේ පවතින බව පැවසූ අමාත්‍යවරයා තැපෑලTeleshop එකක් ලෙස ඉදිරියේ දී හඳුන්වාදීමට කටයුතු කරන බව මෙහි දී සඳහන් කර සිටියේය.
මෙමඟින් ක්ෂණිකව බිල්පත් ආදිය ගෙවීමේ පහසුකම් සෑම තැපැල් කාර්යයාලයකට ම ලබා දීමට කටයුතු කරන බව ද, ඒ පිළිබඳව දැනටමත් මුලික මට්ටමේ සාකච්ඡා වර දෙකක් පවත්වා ඇති බව ද, ඒ සමඟම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එක්ව කඩිනමින්ම ඉදිරි මාස තුන ඇතුළත එකී වැඩකටයුතු අවසන් කිරීමට පියවර ගන්නා බව ද මෙහි දී සඳහන් විය.
නියමාකාරයෙන් තැපෑල විධිමත් කිරීම මෙහි අරමුණ වන අතර, ඒ සඳහා අන්තර්ජාලය එක් කොට ඨෙලෙශොප් ලෙසට නවමු ආකාරයෙන් පරිවර්තනයකට ලක්කිරීම තුළින් ජනතාව නිරන්තරයෙන් ගැවසෙන ස්ථානයක් බවට පත් කිරීමේ අවශ්‍යතාවය මෙහි දී පෙන්වා දෙනු ලැබීය.