ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ජීවන වියදම් කැබිනට් අනු කමිටුව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි

    දෙසැම්බර් 25, 2019

     ඉදිරි කන්නයේ සිට අස්වනු මිලදී ගැනීම විද්‍යානුකූල ක්‍රමවේදයකට ....
     දිවයින පුරා ගබඩා පහසුකම් පුළුල් කිරීමට ජනපතිගෙන් උපදෙස් ....


    ජීවන වියදම් කැබිනට් අනු කමිටුව ප්‍රථම වරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.


    ඉදිරි උත්සව සමයේ දී හිඟයකින් තොරව සහ සහන මිලට ජනතාවට ආහාර ද්‍රව්‍ය ලබාදීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. එමෙන්ම ඉදිරි කන්නයේ සිට අස්වනු මිලදී ගැනීමේ දී විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කිරීමට
    ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.


    වී මිලදී ගැනීමේ දී මතුව ඇති ගැටළු රැසක් එමගින් නිරාකරණය කෙරුණු අති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. දිවයින පුරා ගබඩා පහසුකම් පුළුල් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.


    සහල් මිල පාලනයට රජය ගත් තීරණය සමග එහි ප්‍රතිලාභ පාරිභෝගික ජනතාව වෙත ලැබෙන අයුරු ද විමර්ශනය කෙරිණි. පාලන මිල නොසලකා වැඩි මිලට සහල් විකිණිම ක්‍රම ක්‍රමයෙන් පහත බසිමින් පවතින බව පාරිභෝගික සේවා අධිකාරිය පෙන්වා දුන්නේය. ඊට අදාළ වැටලිම් පුළුල් කර තිබේ. එමෙන්ම වෙළඳුන් දැනුවත් කිරීමට ද කඩිනමි වැඩපිළිවෙළක් ක්‍රියාත්මකය.


    තිරිගු පිටි මිල පාලනයට රජය ගත් පියවර මෙන්ම අනෙකුත් අත්‍යාවශය භාන්ඩ සඳහා ලබාදුන් බදු සහනවල ප්‍රතිලාභ පිළිබදව ද සමාලෝචනයට ලක් කෙරිණි.


    අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද චමල් රාජපක්ෂ. රමේෂ් පතිරණ. වාසුදේව නානායක්කාර, මහින්ද යාපා අබේවර්ධන, විදුර වික්‍රමනායක, සනත් නිශාන්ත, තාරක බාලසූරිය යන මැති ඇමතිවරු ද, ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු සාකච්ඡාවට එක්ව සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya