දිවයිනේ සියලුම රෝහල් නියෝජනය වන පරිදි රෝහල් අධ්‍යක්ෂවරුන්ගේ සහභාගීත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් ඊයේ (24) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.
නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රතිලාභ ජනතාවට ලබාදෙමින් ගුණාත්මක හා කඩිනම් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක කිරීමේ අරමුණ පෙරදැරිව රෝහල්වල ක්ෂණික අවශ්‍යතාවයන් සුරාලීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ විය.
මෙහිදී රෝහල්වල රෝගී සත්කාරක සේවාවන් පවත්වාගෙන යාමට අදාලව ක්ෂණික අවශ්‍යතාවයන් වන මුල්‍ය තත්ත්වයන්, ඖෂධ, මානව හා භෞතික සම්පත් කෙරෙහි අවධානය යොමු කරමින් සාකච්ඡා පවත්වන ලද අතර, රෝහල්වල පවතින ක්ෂණිකව නිරාකරණය කර ගත යුතු ගැටළු පිළිබද රෝහල් අධ්‍යක්ෂවරුන් විසින් සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු නිලධාරීන් දැනුවත් කිරිමට පියවර ගන්නා ලදි. එම ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීම සදහා රෝහල් අධ්‍යක්ෂවරුන්ට සෞඛ්‍ය අමාත්‍යතුමිය අවශ්‍ය උපදෙස් ලබාදුන් අතර, එක් එක් රෝහල් වලට අවශ්‍ය මුල්‍ය, ඖෂධ, මානව හා භෞතික සම්පත් ඉහළ නැංවීමට ගත හැකි ක්ෂණික ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යතුමිය රෝහල් අධ්‍යක්ෂවරුන්ට දන්වා සිටින ලදි. සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සහ අනුබද්ධිත ආයතන සමග මනා සම්බන්ධතාවක් පවත්වා ගනිමින් ගැටලු පවතින්නේ නම් එම ගැටලු නිරාකරණය කර ගැනිම සදහා කටයුතු කරන ලෙස ද රෝහල් අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබාදෙන ලදි. එමෙන්ම ලබන වසර තුළ අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කරුණු ක්‍රියාත්මක කරමින් සෞඛ්‍ය සංවර්ධනය සදහා ගත යුතු කඩිනම් හා ක්ෂණික ක්‍රියාමාර්ග පිළිබදව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් පී.එම්.එස් චාල්ස් මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, අතිරේක ලේකම් (සංවර්ධන) ජනක චන්ද්‍රගුප්ත මහතා, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා)වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, ගරු අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා, අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුලු රෝහල් අධ්‍යක්ෂවරු එක්ව සිටියහ.