එමෙන්ම, බාධාවකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබිය යුතු බවත්, ආත්මගරුත්වයක් ඇතිව රාජකාරිය කිරීමේ අවශ්‍යතාවයත් මෙහි දී සඳහන් කර සිටි අමාත්‍යවරයා, වසර දහයක සේවා කාලයක් සම්පුර්ණ කර ඇති සියලුම පොලිස් නිළධාරීන්ට උසස්වීම් ලබා දීමට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විට ඉදිරිපත් කර ඇති බව ද ඒ මහතා මෙහි දී සඳහන් කරන ලදී.
එමෙන්ම වර්තමාන රජය විසින් දේශපාලන අවශ්‍යතා මත කිසි විටෙක පොලිසියට බලපෑම් කිරීම් සිදු නොකරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.