ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    සුනාමියට වසර 15යි- ජාතික සුරක්ෂිතතා දිනය අදයි-දිස්ත්‍රික්ක 25ක සැමරුම්

    දෙසැම්බර් 26, 2019

    සුනාමි ව්‍යාවසනය නැවත අනුස්මරණය කිරීමේ ජාතික සුරක්ෂිතතා දිනය ඒ අනුව අදට (26) යෙදී තිබේ.

    වසර 2004 දෙසැම්බර් 26 වැනි දින සුනාමි ව්‍යවසනයෙන් ජීවිත 35000ක් පමණ අහිමි කරමින් දේපළ රැසක් අහිමි කළ දිනය වෙයි. එය ලෝක වසී ජනතාවට මෙන් ම ශ්‍රී ලංකාවසී ජනතාවට අමතක කළ නොහැකි මහා ඛේදවාචකයකි. ඒ අනුව සුනාමි ව්‍යවසනය සිදු වී අදට වසර 15ක් ගත වී තිබේ.

    මෙම සිදු වීමෙන් පන්දහසකට අධික පිරිසක් ද අතුරුදහන් වූ අතර ශ්‍රි ලංකාවේ වෙරළ කලාපයට දැඩි බලපෑමක් එල්ල කළා.

    මෙම ව්‍යවසනයෙන් පසුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් පිහිට වූ අතර බිම් මට්ටමේ සිට පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කිරීමට මෙම මධ්‍යස්ථානය විසින් සිදු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි.

    සුනාමි ව්‍යාවසනය නැවත අනුස්මරණය කිරීමේ ජාතික සැමරීමේ වැඩසටහන් 25ක් දිස්ත්‍රික්ක 25 පුර ක්‍රියාත්මකයි. පැරෑලියේ දුම්රිය අනතුර සිදු වූ ස්ථානයේ විශෙෂ ආගමික වැඩසටහනක් ද පැවැත්වෙයි.

    ඒ අනුව අද (26) පෙ.ව. 9.25 සිට 9.27 දක්වා සුනාමි ව්‍යවසනය අනුස්මරණය කිරීම සඳහා නිහඬතාවයක් පවත්වන ලෙස ප්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya