මෙහි දී සුනාමියෙන් මිය ගිය පුද්ගලයින්ට පින් පැමිණ වීම සහ සුනාමි ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීම සිදුවිය. 2004 වර්ෂයේ සිදුවූ සුනාමි ඛේදවාචකයට මුහුණ දුන් පැරෑලිය දුම්රිය අනතුර සිහිපත් කරමින් අද දිනත් පෙ.ව.9.27 ට දුම්රිය එම ස්ථානයට පැමිණි අතර, නිලධාරීන් සහ පිරිස් සුනාමි ස්මාරකය අබියසට ගොස් පුෂ්පෝහාර දැක් වීම සිදු කරන ලදී.
එමෙන්ම සුනාමියෙන් මිය ගිය පිරිස් වෙත පින් පැමිණ වීම සඳහා සර්ව ආගමික වතාවත් ද එම අවස්ථාවේ දී සිදු විය.
දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ මහතා ප්‍රමුඛ සියළුම දෙනා සුනාමි ස්මාරකය වෙත පුෂපෝහාර දැක්විම සිදු කළේය. ප්‍රදේශ වාසින් මෙන්ම දෙස් විදෙස් පිරිසක් මේ අවස්තාවට එක්ව සිටියහ. මේ අවස්තාව සඳහා ගරු රාජ්‍ය අමාත්‍ය මොහාන් සිල්වා මහතා සහ හිටපු දකුණු පළාත් ප්‍රදාන අමාත්‍ය ශාන් විජේලාල්ද සිල්වා මහතා, දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා, ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් ඇතුළු ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නියෝජනය කරමින් දකුණු පළාත් සහ ගාල්ල භාර නිලධාරින් පිරිසක් ද එක්ව සිටියහ. ගාල්ල දිස්ත්‍රික් ආපදා කලමණාකරණ මාධ්‍යස්ථානය විසින් වැඩසටහන සංවිධානය කරන් ලදි.
DMU/Galle
@මාධ්‍ය ඒකකය