සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නත්තල් උත්සවය යෙදී තිබූ ඊයේ (25) දිනය තුළ වැටලීම් 146 ක් සිදු කොට පුද්ගලයින් 146 දෙනෙකු සමඟ රුපියල් ලක්ෂ 10 කට අධික වටිනාකමකින් යුතු මත්පැන්, ගෝඩා, ස්ප්‍රීතු හා මත්පැන් පෙරීමේ උපකරණ අත්අඩංගුවට ගත් බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
මෙම වැටලීම් වල දී නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කළ අවස්ථා 79 ක් හා නීතිවිරෝධී ලෙස නිපදවන ලද මත්පැන් විකිණීම් 31 ක්, සීමාව ඉක්මවා මත්පැන් ගබඩා කර තිබූ අවස්ථා 10 ක්, නීතිවිරෝධී ලෙස ආනයනය කළ දුම්වැටි අලෙවි කළ අවස්ථා 10 ක් ද තිබෙන බව ඒ මහතා සඳහන් කළේය.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් ඉදිරි දිනයන් හි දී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.