මාර්තු 02, 2025
tami eng youtube  twitter facebook

    වලයාකාර සුර්යග්‍රහණය නැරඹීමට විශාල උනන්දුවක්

    දෙසැම්බර් 26, 2019

    වලයාකාර සුර්යග්‍රහණයක් නැරඹීමට ශ්‍රී ලංකා වාසීන්ට අද (26) අවස්ථාව උදා විය. ඒ සඳහා බොහෝ පිරිසක් උද්යෝගයෙන් යුතුව කටයුතු කිරීම ද දක්නට ලැබිණි. අද පෙරවරු 8.10 සිට පෙරවරු 11.24 දක්වා කාලය තුළ දී එය ශ්‍රී ලංකාවට දර්ශනය විය. වලයාකාර ස්වරූපය පෙ.ව.9.35 සිට පෙ.ව 9.38 දක්වා විනාඩි 03 ක කාලයක් දර්ශනය වූ අතර උපරිම වලයාකාර ස්වරූපය පෙ,ව 9.37 ට පමණ දර්ශනය විය.

    වසර 09 කට පසුව වලයාකාර සුර්යග්‍රහණයක් මෙලෙස ශ්‍රී ලංකාවට දර්ශනය විය. නැවත මෙවැනි සුර්යග්‍රහණයක් ශ්‍රී ලංකාවට දර්ශනය වන්නේ 2031 වර්ෂයේ මැයි 21 දින බැවින් මෙය විශේෂ අවස්ථාවකි.

    මෙම සුර්යග්‍රහණය හොඳින්ම දිස්වන්නේ උතුරු ප්‍රදේශයට බැවින් එම ප්‍රදේශයේ ස්ථාන කිහිපයක දී ම නිරීක්ෂණ කඳවුරු සංවිධානය කර තිබිණි. යාපනය විශ්ව විද්‍යාලය, කිලිනොච්චියේ පිහිටි යාපනය විශ්වවිද්‍යාලයිය ඉංජිනේරු පීඨය සහ මුලතිවු මුහුදු තිරය යන ස්ථාන වල එම කඳවුරු ක්‍රියාත්මක විය. එමෙන්ම, විවිධ ස්ථානවල පුද්ගලයින් විසින් එලිමහනේ තබන ලද වතුර බේසමක් මඟින් සූර්යග්‍රහණය නරබන ලදී

    සුර්යග්‍රහණක් පවතින අවස්ථාවක සුර්යයා දෙස ඍජු ව නැරඹීම අනතුරුදායක වන බවත්, එම කිරණ ඍජු ලෙස යොමු කරමින් පියවි ඇසින් නිරීක්ෂණය කිරීම පුර්ණ අන්ධභාවයට පත් කිරීමට වුව ද හේතු විය හැකි බැවින් ඒ සම්බන්ධව ගත යුතු ආරක්‍ෂිත ක්‍රියාමාර්ග පිළිබඳවත් පුර්ව උපදෙස් ජනතාව වෙත ලබා දෙන ලදී. එමෙන්ම, ඒ සඳහා විශේෂිත ආරක්‍ෂිත කන්ණාඩි භාවිත කිරීම සිදු කළ යුතු බැවින් ඒ සඳහා තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යංශයේ දායකත්වයෙන් නිරීක්ෂණ කඳවුරු වල දී එම ආරක්‍ෂිත කන්ණාඩි සැපයීම ද සිදු කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya