අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ, තල්දෙන තරුණ වරදකරුවන් විශෝධනය කිරීමේ මධ්‍යස්ථානයේ සහ බදුල්ල බන්ධනාගාරයේ කටයුතු පිළිබදව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
බදුල්ල බන්ධනාගාරය හා තල්දෙන තරුණ වරදකරුවන් විශෝදනය කිරිමේ මධ්‍යස්ථානයේ කටයුතු පරීක්ෂාවට ලක් කළ බවත් විශේෂයෙන් බදුල්ල බන්ධනාගාරයේ පවතින ඉඩ කඩ හා අනෙකුත් පහසුකම් ප්‍රමාණවත් නොවන බව පරීක්ෂා කිරීමේදී පැහැදිලි වු බවත් ඇතැම් අංශයන්ගේ සංවර්ධනය කඩිනමින් සිදු කළ යුතු බවත් ඒ සදහා මුදල් වෙන් කළ බවත් අමාත්‍යවරයා සදහන් කළේ ය.
දැනට බන්ධනාගාර ගතව සිටින වැඩි පිරිසක් රැදවියන් හෙරොයින් නඩුවලට සම්බන්ධ අය බැවින් ඒ පිළිබදව විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු අතර පොලිසිය මගින් ඉදිරිපත් කරනු ලබන නඩු ප්‍රමාණය මාසයකට සියයට එක සිය පනහකින් ඉහළ ගොස් ඇති බවත් මහියංගණය වැලිමඩ බණ්ඩාරවෙල වැනි ප්‍රදේශවල හෙරොයින් සම්බන්ධ තත්වය ඉතා ඛේදජනක බවත් අමාත්‍යවරයා පැවසීය.
බදුල්ල හා තල්දෙන බන්ධනාගාරයේ පරිපාලනය ඉතා හොද තත්වයක පවතින බැවින් තවත් පහසුකම් ලබාදීම සිදු කළ යුතුයි.සිරකරුවෝ ද මනුෂ්‍ය යෝය යන තේමාව යටතේ සිරගත කිරීමෙන් අදහස් කරන්නේ රැදවියන් අපහසුතාවයට පත් කිරීම නොව බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඔවුන්ව පුනරුත්ථාපනය කොට සමාජ ගත කර හැකි පමණ හොද මිනිසුන් ලෙස සමාජ ගත කිරීම බව අමාත්‍යවරයා සදහන් කළේය.
තල්දෙන තරුණ වරදකරුවන් විශෝදනය කිරීමේ මධ්‍යස්ථානයේ වෘත්තිය පුහුණු අංශය ඉතා උසස් තත්වයක පවතින බැවින් එය තවදුරටත් පහසුකම් ලබාදී වැඩි දියුණු කළ යුතු බවත් එහෙත් බදුල්ල බන්ධනාගාරය තුළ වෘත්තිය පුහුණු අංශයේ පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් ඉහළ තත්වයකට ගෙන ආ යුතු බවත් විශේෂයෙන් තල්දෙන තරුණ විශෝධන මධ්‍යස්ථානයේ කටයුතු නිරීක්ෂණය කිරීමේදි ඉතා ඛේද ජනක ලෙස අපේ රටේ තරුණයින් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිව සිටින බවත් ඇතැම් අවස්ථාවලදී ඔවුන් බැලීමට ඔවුන්ගේ දෙමාපියන් පවා නොඑන තත්වයකට පත්ව ඇති බව අනාවරණය වු බවත් අමාත්‍යවරයා පැවසුවේය.
තල්දෙන තරුණ වරදකරුවන් විශෝදනය කිරීමේ මධ්‍යස්ථානයට අයත් අක්කර 53 ක පමණ වන ඉඩ කඩක් පවතිනවා .මෙම මධ්‍යස්ථානයේ එළවලු ගොවිපළක් තිබෙනවා.ඉන් බදුල්ල බන්ධනාගාරය ඇතුළු බන්ධනාගාර ගණනාවකට එළවලු සැපයීමක් කරනවා.අපේ අනෙකුත් බන්ධනාගාර වල තදබදය අවම කිරීම සදහා තවත් ගොඩනැගිලි කිහිපයක් තල් දෙන බන්ධනාගාරයට ලබාදි එහි තරුණ රැදවියන් පුහුණු කරන ප්‍රමාණය වැඩි කල යුතුයි.විශේෂයෙන් වරදකරුවන්ට වෘත්තිය පුහුණුව වැඩි කරලා ගෞරවණිය ලෙස සමාජ ගත කිරීම සිදු කළ යුතුයි.බන්ධනාගාරවලට පැමිණි අවස්ථාවලදී පොලිසිය පිළිබදව පැමිණිලි රාශියක් ලැබුණා.සමහර ඇප ලබා දිය නොහැකි නඩු පිළිබදව පොලිසිය මගින් ගෙන ඇති ක්‍රියා මාර්ග තද වැඩියි.මේ පිළිබදව පොලිස්පතිතුමාත් සමග සාකච්ඡා කරනවා. රස පරික්ෂක වාර්තා ප්‍රමාදවීම වැනි කරුණු නිසා ඇතැම් නඩුවලට වසර දෙක තුන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනවා. දැනටමත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රති ව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.ඒ තුළින් බන්ධනාගාර තදබදය තවදුරටත් අඩු කළ හැකි වෙනවා.පවතින නීතිය අනුව හෙරොයින් පාවිච්චි කරන අයට ලිහිල්ව සලකන්න බැහැ.ඒ නිසා කල යුතු වන්නේ හෙරොයින් මෙරටට ගෙන ඒම සහ ජාවාරම් කරන අයට විරුද්ධව දැඩි නීති පැනවීමයි.හෙරොයින් පාවිච්ච් කරන අය පුනරුත්ථාපනය කොට සමාජ ගත කිරීමට රජයට සිදු වෙලා තිබෙනවා යැයි ද අමාත්‍යවරයා සදහන්
කළේය.
එහිදී මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්න සදහා පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය. ප්රශ්නය - පුරා විද්‍යා විද්‍යා නිෂ්කාශන වාර්තා ප්‍රමාද වීම නිසා පුරා විද්‍යා සිද්ධි සම්බන්ධයෙන්
රිමාන්ඩ් බන්ධනාගාරවල සිටින පුද්ගලයින් සම්බන්ධව අසාධාරණයට ලක් වෙනවා වගේ පේනවා. මේ පිළිබදව යම් වැඩ පිළිවෙළක් තිබෙනවාද .
පිළිතුර - පුරා විද්‍යා නිෂ්කාශන වාර්තා ප්‍රමාදවීමෙන් බන්ධනාගාර ගත වෙලා ඉන්න අය පිළිබදව වාර්තාවක් ලබා දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාගෙන් ඉල්ලා සිටියා .පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කොට ඒ පිළිබදව කඩිනම් පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සදහන් කළේ ය.