පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ජාතික සම්පත් විකුණා දැමීමට නව රජය දැඩිව විරුද්ධයි- අමාත්‍ය රමේෂ් පතිරණ

    දෙසැම්බර් 27, 2019

    නව රජය විසින් ගනු ලබන තීන්දු තීරණ සහ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පැහැදිලි සහ ජාතික අනන්‍යතාවය තහවුරු කරනු ලබන බවත් එමඟින් රටේ සම්පත් ආරක්ෂා කර ගත යුතු මතයක සිටින බවත් වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    වරාය ඇතුළු ජාතික සම්පත් විකුණා දැමීම පිළිබඳව නව රජය දැඩිව විරුද්ධ වනවා පමණක් නොව අහෝසි කළ හැකි ගිවිසුම් අහෝසි කරන්නටත්,අහෝසි කරනන්ට නොහැකි ගිවිසුම් රටට වාසි දායක වන ආකාරයෙන් පරිවර්තනය කර ගැනීමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටී.

    එමන්ම, හම්බන්තොට වරාය රටට වාසි දායක වන අයුරින් නැවත වෙනස් කර ගැනීමට අදාළ සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති බව ද ඒ මහතා සඳහන් කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya