පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    එළඹෙන මැතිවරණවල දී ජාතික හැඳුනුම් පත අනිවාර්ය කළ යුතුයි - පැෆරල් සංවිධානය නිර්දේශ කරයි

    දෙසැම්බර් 27, 2019

    මෙවර ජනාධිපතිවරණයට අදාළ ව පැෆරල් සංවිධානයේ අතුරු වාර්තාව ඊයේ (27) එළිදක්වනු ලැබිණි.

    එහිදී කරුණු ගණනාවක් පිළිබඳව මැතිවරණ කොමිසමේ සහ ප්‍රතිපාත්ති සම්පාදකයින්ගේත් අවධානයට යොමු කර තිබේ.

    එහි දී ජාතික හැඳුනුම්පත අනිවාර්ය කිරීමත්, ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි පිරිස් සඳහා දිගු කාලින ඡන්ද දායක හඳුම්පතක් ලබා දීමේ අවශ්‍යතාවයත් මැතිවරණ කොමිෂන් සභාවට යෝජනා කර සිටියි.

    එමෙන්ම, ඡන්ද මධ්‍යස්ථාන තෝරා ගැනීමේ දී අබාධිත පුද්ගලයින් සඳහා ඡන්දය භාවිතා කිරීමට පහසු වන ආකාරයෙන් ඡන්ද මධ්‍යස්ථාන තෝරාගැනීම පිළිබඳවත්, අබාධිත පිරිස් සඳහා සෑම මැතිවරණයක දීම වෛද්‍ය සහතික ලබා ගතයුතු වන බැවින් උපතින්ම අබාධිත පිරිස් සඳහා එක් සහතිකයක් ඉදිපත් කිරීමට හැකි වන ආකාරයෙන් නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවත්,මෙහි දී පැෆරල් සංවිධානය විසින් පෙන්වා දෙනු ලැබ ඇත.

    විශාල අපේක්ෂකයින් පිරිසක් ඉදිරිපත් වීම වැලැක්වීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම පිළිබඳව ද එම අතුරු වාර්තාවේ යෝජනා කර තිබේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya