සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සුව සේවාවේ පරිපුරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සංගම් නිලධාරින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විනි.
මෙම විශේෂ රැස්වීමේ ප්‍රධාන අරමුණ වුයේ පරිපුරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තිකයින්ගේ ගැටලු නිරාකරණය හා ඉදිරියේ දී එම වෘත්තිකයින්ගේ සුබසිද්ධිය උදෙසා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමය. පරිපුරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීන් නියෝජනය කරමින් සාමාජිකයින් 7000 ක් පමණ වන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය, සාමාජිකයින් 7800 ක් පමණ වන රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය, සාමාජිකයින් 3500 ක් පමණ වන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පොදු පවුල් සෞඛ්‍ය සේවා සංගමය, සාමාජිකයින් 1800 ක් පමණ වන රජයේ ඖෂධවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෘත්තීය චිකිත්සකයින්ගේ සංගමය, කීට විද්‍යා සහකාර නිලධාරින්ගේ සංගමය ඇතුලු වෘත්තීය සංගම් රැසක් නියෝජනය කරමින් වෘත්තීය සම්ගම් නියෝජිතයින් පැමිණ සිටියහ.
මෙම සාකච්ඡාවේ දී සාකච්ඡාවට ගැණුන එක් කරුණක් වුයේ සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය සමගම මානව සම්පත ඉහළ නැංවීමේ අවශ්‍යතාවය පිළිබදවයි. වෘත්තීය සමිති නියෝජිතයින් පෙන්වා දුන්නේ එක් එක් වෘත්තීන්ට අදාලව බොහෝ ස්ථානවල පුරප්පාඩු පවතින බවයි. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදෙමින් කියා සිටියේ සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි පුරප්පාඩු පිරවීම සදහා වසරක් පාසා සෞඛ්‍ය වෘත්තීකයන් බදවා ගැනීමට අදාල නිසි ක්රමවේදයක අවශ්‍යතාවය ඇති බවත් ඒ සදහා ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කළ යුතු බවත්ය. එමෙන්ම නව පත්වීම් ලබාදීමේ දී පත්වීම් ලාභීන්ගේ මානූෂිය තත්ත්වයන් පිළිබදව ද අවධානය යොමු කිරීමේ වැදගත්කම ද පෙන්වා දෙන ලදි.
පවුල් සෞඛ්‍ය සේවාවේ පවතින පුරප්පාඩු පිළිබද සහ බදවා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගම් විසින් කරුණූ ඉදිරිපත් කළ අතර, එම පවතින පුරප්පාඩු ඇතුලු සෞඛ්‍ය සේවාවේ අනෙක් අංශවල ඇති පුරප්පාඩු ද පිරවීම සදහා හැකි ඉක්මනින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍යාංශ නිලධාරීන්ට සෞඛ්‍ය අමාත්‍යවරිය උපදෙස් ලබාදෙන ලදි. එමෙන්ම පවුල් සෞඛ්‍ය සේවිකාවන් පුහුණු කාලය වැඩි කිරිම, වින්නඹු පුහුණු පාසලේ වත්මන් තත්ත්වය පිළිබද අවධානය යොමු කරන ලදි.
වෘත්තීය සමිති නියෝජිතයින්ගේ තවත් ඉල්ලීමක් වුයේ වෛද්‍ය වෘත්තීයට ලබාදෙන වෘත්තීය අයිතිවාසිකම් වලට සමානව අනෙක් වෘත්තීකයින් සදහා ද වෘත්තීය අයිතිවාසිකම් ලබාදෙන ලෙසයි. කිසිදු අයුරකින් වෘත්තීන් අතර ගැටළුකාරි තත්ත්වයක් ඇති නොවන පරිදි තීන්දු තීරණ ගත යුතු බවත්, වෘත්තීය ගරුත්වය ආරක්ෂා කර ගනිමින් සේවා සැපයීම වෘත්තිකයින්ගේ වගකීමක් හා යුතුකමක් බවත් අමාත්‍යවරිය අවධාරණය කරන ලදි.
තව ද සෞඛ්‍ය වෘත්තීකයින්ට විදෙස් රටවල රැකියා අවස්ථා ලබාදීමෙහි ඇති වැදගත්කම, පරිපුරක වෛද්‍ය සේවාවට උපාධිධාරින් බදවා ගැනීමේ කාලෝචිත බව, ඩිප්ලෝමා ප්රදානය, සෞඛ්‍ය සේවකයින්ගේ ස්ථාන මාරු, හමුදාවෙන් විශ්‍රාම ගිය සේවා නියුක්ත පිරිස් බදවා ගැනීමේ ගැසට් පත්‍රය, වැටුප් සහ දීමනා ආදි කරුණූ පිළිබදව ද අවධානය යොමු කරමින් සාකච්ඡා කරන ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් පී.එම්.එස් චාල්ස් මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුලු වෘත්තිය සංගම් නිලධාරීන් එක්ව සිටියහ.