පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    පාසල සාධාරණ හේතූන් මත වෙනස් කරගත යුතු පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව සමතුන්ගෙන් අභියාචනා කැඳවයි

    දෙසැම්බර් 28, 2019

    කඩඉම් ලකුණු මත මෙතෙක් පාසලක් ලැබී නොමැති හෝ ලැබී ඇති පාසල සාධාරණ හේතූන් මත වෙනස් කරගත යුතු පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව සමතුන්ගෙන් අභියාචනා කැඳවයි.

    2019 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2020 වසරේ 6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු ‍මෙන්ම, ශිෂ්‍යත්ව විභාගය සමත් එක් එක් දරුවන්ට හිමි වී ඇති පාසල් ලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වනවිට නිකුත් කර ඇත.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවියෙන්‍‍ එම තොරතුරු ලබාගත හැකි අතර, මෙම කඩඉම් ලකුණු මත 2019 පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත් ඒ අනුව හිමි විය යුතු පාසල ලැබී නොමැති හෝ ලැබී ඇති පාසල සාධාරණ හේතූන් මත වෙනස් කරගැනීමට අවශ්‍ය සිසුදරුවන්ට ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර ඇති ආදර්ශ අයදුම් පත්‍රය භාවිතයෙන් අභියාචනා ඉදිරිපත් කළ හැකිය.

    ඒ අනුව, නිවැරදිව සම්පූර්ණ කරන ලද අභියාචනා අයදුම්පත් 2020-01-06 දින සිට 2020-01-17 දක්වා කාලය තුළ අධ්‍යාපන අධ්‍යක්ෂ, පාසල් කටයුතු ශාඛාව,අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල යන ලිපිනය වෙත යොමු කළ යුතුය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya