මේ සඳහා අභිනව සභාපති ජයම්පතී මොල්ලිගොඩ මහතා ඇතුළු නිලධාරීන් රැසක් ද සහභාගී වුහ.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ඒකායන අභිප්‍රාය වන වැවිලි කර්මාන්තය පමණක් නොව දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය උදෙසා දක්වන විශාල උනන්දුව සාක්ෂාත් කරන්නටත් ඒ සඳහා වන ඉදිරි දැක්ම යථාර්ථයක් කිරීමේ අභියෝගය වශයෙන් ජාතික ආර්ථකථනයට මහත් දායකත්වයක් ලබා දෙන තේ,රබර්,පොල්, ඇතුළු කර්මාන්ත රැසක් නගා සිටුවීම භාරදීම ජය ගැනීම සඳහා අත්‍යවශ්‍යයෙන්ම කළයුතු කාර්යයක් ලෙස දැක්වූයේ,
ජාතික ධනයක් වන අපගේ මේ භූමිය සමග කටයුතු කරන වතු කම්කරුවන් ගේ ආර්ථිකය පිළිබඳ විශාල ගැටළු රැසක් ඇති බැවින් ඔවුන්ගේ සුභසාධනය පිළිබඳවත්, කුඩා තේ වතු හිමියන්ගේ හා වතු කම්කරුවන්ගේ ආරක්ෂා කිරීම ඉතා අවශ්‍ය බැවින් ඒ පිළිබඳව මුලික සමාජ වගකීමක් ලෙස සළකා තමන් ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරන බවයි.
එමෙන්ම ලංකාවේ වියැකී ඇති තේ වගාව නැවත ලෝකයේ අනභිභවනීය තත්ත්වයට පත් කිරීමටත් තේ පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන පකිස්ථානය ඉන්දියාව වැනි රටවල් කෙරෙහි වැඩි අවධානයකින් ඉහළ තේ සැපයීමකට තීරණය කෙරේ. අමාත්‍යවරයා, වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ගැටළුකාරී තත්ත්වයන් පැනනැගී ඇති තේ නිශ්පාදනය සඳහා විශාල දායකත්වයක් ලබාදෙන තුඩා තේ වතු හිමියන්ටත්, වතු සමාගම් වලටත් වහාම අවධානය යොමු කොට ඔවුනට අවශ්‍ය යහපත් ක්‍රියා මාර්ග ගන්නා බවයි.
මේ සඳහා ගොවීන්ට නව තාක්ෂණික උපකරණ හඳුන්වා දීම,නැවත තේ වගාව ප්‍රවර්ධනයට අවශ්‍ය සියළු සහාය ලබාදීම, වගාව නගා සිටුවීම ඇතුළු කාරණා පිළිඳව ද ඉක්මන් යහපත් ප්‍රතිඵල සහිත ක්‍රියාමාර්ග ගන්නා බවයි.
තේ කර්මාන්තය නගා සිටුවීමේ ක්‍රියා සඳහා රටතුළදී ලැබිය යුතු තත්ත්වයත් ජාතික අනන්‍යතාවයකින් කටයුතු කිරීමේ හැකියාවත් අන්තර්ජාතික වෙළඳ පොලේදී ලැබිය යුතු ඉහළ තත්ත්වයත් ලබා දීමට තිර අධිටනින් කටයුතු කරන බැවින් ජාතික ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් අප සමග අත්වැල් බැඳ කටයුතු කරන ලෙස තේ මණ්ඩලයේ සියළු දෙනාටත් වැවිලි කර්මාන්තයට අනුබද්ධ සියලු ආයතන නිලධාරීන්ටත් ගෞරවයෙන් ප්‍රකාශ කරන ලදි.
මෙහි දී තේ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කාන්චන විජේසේකර මහතා ද ප්‍රකාශ කර සිටියේ, වැවිලි අමාත්‍යාංශයේ වැදගත්ම ආයතනය තේ මණ්ඩලය බැවින් මෙම කර්මාන්තයට අදාළ වන සියළු සේවකයින් සඳහා නිසි ආරක්ෂාව හා සුභ සාධනය සපයමින් රටේත් ලෝකයේත් ඉහළම තත්ත්වයට තේ කර්මාන්තය නගා සිටුවන බවත් තේ කර්මාන්තයේ අතපසු වුණු සියල්ල නැවත ඉක්මනින් සොයා බලා විශේෂ අවධානයකින් ඒ පිළිබඳ ක්‍රියා මාර්ග ගන්නා බවයි.