පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    සංචාරකයින් තිදෙනෙකු පොලිසියට පැමිණිලි කර පිටව යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක්

    දෙසැම්බර් 28, 2019

    හැට දහසක් ගෙවා ගිය දඹුල්ලේ හෝටලයක ගඳ ඉවසනු බැරිව සංචාරකයින් තිදෙනෙකු පොලිසියට පැමිණිලි කර පිටව යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදු කර වාර්ථාවක් ලබා දෙන්නැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට නියෝග කරයි.


    නෙදර්ලන්තයේ සිටි මෙරටට පැමිණි සංචාරකයන් තිදෙනෙකු ලැගුම්ගත් හෝටලය දැඩි ලෙස අපිරිසිදු බව පවසා දඹුල්ල මුලස්ථාන පොලිසියට (24)දින මධ්‍යම රාත්‍රියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    මේ පිළිබදව (26) දින පුවත්පත්වල පල වූ වාර්තා පිළිබදව ඇමතිවරයාගේ අවධානය යොමු වීමෙන් අනතුරුව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරිය හා අධ්‍යක්ෂ ජනරාල්වරියට උපදෙස් දුන්නේ මේ සම්බන්ධයෙන් වහාම සොයාබලා පියවර ගන්නා ලෙසයි.
    පොලිසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ නෙදර්ලන්ත ජාතික වෛද්‍ය වරියක් හා නිතීඥ වරියන් දෙදෙනෙකි. දඹුල්ල විහාර හංදිය ප්‍රදේශයේ සංචාරක ලැගුම්හලක දින තුනක කාලයක් නැවතීම සදහා මෙම පිරිස රු 60,000 ක මුදලක් හෝටලයට ගෙවා ඇති බවත් එක රැයක් ගත කරද්දි හෝටලය ඇතුලත වැස්සට තෙමීම දැඩි දුර්ගන්ධය හා වැසිකිළි අපිරිසිදු තාවය නිසා තමන් අපහසුතාවට පත් වූ බවත් මෙම සංචාරකයින් තිදෙනා දඹුල්ල මුලස්ථාන පොලිසියට කළ පැමිණිල්ලේ සදහන් වේ.

    වෙනත් හෝටලයක් නැවතීම සදහා තමන් ගෙවූ මුදලින් එක් රාත්‍රීයකට අය කරගෙන ඉතිරි මුදල් ලබා දෙන ලෙස එම හෝටල් කළමණාකාරීත්වයට දැනුම් දුන්නද කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ඔවුන් මග හරින බවද පැමිණිල්ලේ සදහන් ව තිබේ.
    මෙවැනි සිද්ධීන් මගින් ශ්‍රී ලංකාවට දැඩි අපකීර්තියක් සිදුවන බව පෙන්වා දෙන ප්‍රසන්න රණතුංග මහතා මෙවැනි තත්වයන් ඉදිරියේදි ඇති නොවීමට වග බලා ගන්නා ලෙසද සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya