පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සභාපතිනිය සුව ඇමැතිනිය අතින් පත්වීම් ලිපිය ලබාගනී

    දෙසැම්බර් 28, 2019

    ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සභාපතිනිය ලෙස නීතිඥ සාගලා අභයවික්‍රම මහත්මිය සිය පත්වීම් ලිපිය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය අතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ලබාගන්නා ලදි.

    වෘත්තියෙන් නීතිඥවරියක වන සාගලා අභයවික්‍රම මහත්මිය මහනුවර ප්‍රදේශයෙන් නීතිඥ වෘත්තීයට පිවිස වසර 17 ක පමණ කාලයක් පුරා අපරාධ හා සිවිල්, කාන්තා හා ළමා ක්ෂේත්‍රවලට අදාලව කටයුතු කරනු ලබනු ලබයි. 2008 වසරේ දී නිවාස රාජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස ද කටයුතු කර ඇත. එමෙන්ම 2016 වසරේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතිඥ සංගමයේ උපලේකම් ලෙස හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාන්තා සංගමයේ විධායක සභිකාවක් ලෙස ද කටයුතු කරනු ලබයි.

    මෙම අවස්ථාවට ගරු අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා ද එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya