ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සභාපතිනිය ලෙස නීතිඥ සාගලා අභයවික්‍රම මහත්මිය සිය ධූරයේ වැඩ බාර ගැනිම ඊයේ (27) උදෑසන යෙදී තිබූ සුබ මොහොතින් නාවින්න ආයුර්වේද ඖෂධ සංස්ථාවේ දී සිදු කළ අතර එහිදී අඳහස් දක්වමින් සභාපතිවරිය මෙසේ පැවසුවාය.
මෙහිදී අදහස් දැක් වූ ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සභාපතිනි නීතිඥ සාගලා අභයවික්‍රම මහත්මිය - “මා පළමුවෙන්ම මේ තනතුරට පත් කළ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියට, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යතුමාට සහ මා ගැන විශ්වාසත තැබූ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් මාගේ ස්තූතිය පුද කරනවා. දේශීය වෛද්‍ය ආයතනය අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ නිරෝගීකමට මුල් තැන දෙන ස්ථානය. එතුමා සංචාරක දේශිය ආයුර්වේද ක්‍රමය ගැන කථා කළා. මේ රටේ පාරම්පරිකව පැවත එන දේශීය ආයුර්වේද ක්‍රම බොහොමයක් තිබෙනවා. ලෝකයම අද දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට යොමු වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ආයුර්වෙද ඖෂධ සංස්ථාව නගා සිටුවලා මෙය ප්‍රචලිත කළ යුතුයි. මෙය අපේ රටේ උරුමයක්. ඒ උරුමය රැකගැනීමට අප කටයුතු කළ යුතුයි. මේ රටේ තිබෙන ඖෂධ පැලෑටි වල අයිතිය පිටරටවලින් ගන්න යුගයක. ආයුර්වෙද ඖෂධ වර්ග නිපදවීමට අපි කටයුතු කළ යුතුයි. පිටරටවලට අපනයනය කිරිම සදහා ආයුර්වේද සංස්ථාවේ නිෂ්පාදන බිහි කිරීමට කාලය උදා වි තිබෙනවා. මේ තනතුරෙන් රට වෙනුවෙන් උපරිම සේවයක් තිරිමට මම බලාපොරොත්තු වෙනවා. මම පාරම්පරිකත්වයට, දේශීයත්වයට ඉතාම ගරු කරන කෙනෙක්. අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ ප්‍රතිපත්ති ප්‍රකාශණයට අනුව යමින් වේලාව නාස්ති නොකර අපි වැඩ පටන් ගමු.”
ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සභාපතිනිය ලෙස නීතිඥ සාගලා අභයවික්‍රම මහත්මිය සිය පත්වීම් ලිපිය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය (26) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ලබාගන්නා ලදි.
වැඩ බාර ගැනීමේ අවස්ථාවට පූජ්‍ය ඉත්තෑපානේ ධර්මාලංකාර නාහිමි ඇතුලු මහා සංඝරත්නය, ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාමාන්‍යාධිකාරි කේ.ඩි.ඒම්.ඒ් චන්ද්‍රසේකර මහතා, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) එච්.ඩබ්.එම් පුෂ්පලතා මැණිකේ මහත්මිය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ අතුල ද සිල්වා මහතා, මහලේකම් නිතිඥ සාගර කාරියවසම් මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරුණ නීතිඥ සංගමයේ සභාපති නීතිඥ නිලන්ත විඡේසිංහ මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.