පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ලබන වසරේ ආර්ථික වර්ධන වේගය 4% දක්වා ඉහළ යනු ඇතැයි මහබැංකු අධිපති කියයි

    දෙසැම්බර් 28, 2019

    මේ වන විට සියයට 2.7 ත් 2.8 ත් අතර පවතින මෙරට ආර්ථික වර්ධන වේගය, නව රජයේ ආර්ථික සැලසුම් ක්‍රියාත්මක වන විට 2020 වසරේ දී සියයට 4 ත් සියයට 6 ත් අතර පරාසයකින් පවත්වාගෙන යාමට හැකි වනු ඇති ශ්‍රී ලංකා මහා බැංකුවේ නව අධිපති දේශමාන්‍ය, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා පවසයි.


    එසේම, රටේ ආර්ථික උද්ධමනය ද ලබන වසරේ දී සියයට 4 ක හෝ ඊට අඩු ප්‍රමාණයකින් පවත්වාගෙන යාමට අපේක්‍ෂා කරන බව ද ශ්‍රී ලංකා මහබැංකුවේ (27) පැවතී මාධ්‍ය හමුවක දී ඒ මහතා කියා සිටියේය.
    මෙහි දී තවදුරටත් අදහස් දැක්වූ මහබැංකු අධිපතිවරයා මහබැංකු මූල්‍ය මණ්ඩලය ඊයේ (26) රැස් වී පොළී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කළ බව ද පැවසිය.
    ඒ අනුව, වර්තමාන පොළී අනුපාතිකය තැන්පතු සඳහා සියයට 7 සහ නිත්‍ය ණය සියයට 8 වශයෙන් ඉදිරියටත් පවත්වාගෙන යනු ඇත.
    දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ සහ මූල්‍ය වෙළඳපොළෙහි මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවනතාවයන් මනාව සැළකිල්ලට ගනිමින් මූල්‍ය මණ්ඩලය මෙම තීරණය ගත් බව ද, එය උද්ධමනය සියයට 4ත් 6 ත් අතර පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණට අනුකූල වන බව ද මහාචාර්ය ලක්ෂ්මන් මහතා කීය.
    ආනයන සැළකිය යුතු ලෙස පහළ යාම සහ වෙළඳ භාණ්ඩ අපනයන වල වාර්තා වූ සුළු වර්ධනය හේතුවෙන් වෙළඳ ගිණුමෙහි හිඟය පහළ යෑමත් සමඟ 2019 පළමු මාස 10 තුළ වෙළඳ අංශයේ ක්‍රියාකාරීත්වය අඛණ්ඩව වර්ධනය වී ඇත. ඒ අනුව, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල් 2019 වසරේ මේ දක්වා කාලය තුළ සියයට 7 කින් අතිප්‍රමාණ වී ඇති බව ද ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.
    මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් වන ආචාර්ය නන්දලාල් වීරසිංහ එච්.ඒ.කරුණාරත්න, ඒ. අබේසේකර යන මහත්වරු ඇතුළු මහබැංකුවේ උසස් නිළධාරීහු රැසක් ද මෙම මාධ්‍ය හමුවට පැමිණ සිටියහ.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya