පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ණය දෙන ආයතන නියාමනය කිරීමට යයි - පනත් කෙටුම්පත මුදල් අමාත්‍යංශයට

    දෙසැම්බර් 28, 2019

    ක්‍ෂුද්‍ර මූල්‍ය සමාගම් ඇතැම් ණය දෙන ආයතන නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව කටයුතු කරගෙන යයි.


    මේ පිළිබඳව මහබැංකුව විසින් අදාළ නීති ඇතුළත් කෙටුම්පතක් මුදල් අමාත්‍යංශය වෙත ඉදිරිපත් කොට ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුවේ නව අධිපති දේශමාන්‍ය, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් බැංකු ශ්‍රවණාගාරයේ දී (27) පැවැති මාධ්‍ය හමුවක දී අනාවරණය විය.


    දැනට මහබැංකු පනත යටතේ නියාමනය කළ හැකි වන්නේ මුදල් තැන්පතු භාර ගන්නා මූල්‍ය ආයතන පමණක් බවත්, ඒ නිසා ක්‍ෂුද්‍ර මූල්‍ය සමාගම් ඇතුළු ණය දෙන ආයතන නියාමනය කිරීමේ අරමුණින් නව පනත් කෙටුම්පතක් සකස් කළ බවත් මහබැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කීය.


    එම පනත් කෙටුම්පත මුදල් අමාත්‍යංශය විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමෙන් පසු ක්‍රියාත්මක කෙරෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya