ඇමතිකම් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු නොවී රට දිනවන්නට පක්ෂයක් ලෙසට සහ පෞද්ගලික වශයෙනුත් කැප කරනන්ට හැකි බව කියා සිටි ඒ මහතා රට ගොඩනැඟීම සඳහා නව වැඩපිළිවෙලක් සහිත කියන දේ ක්‍රියාවෙන් කර පෙන්වන ජනාධිපතිවරයෙකු සිටින බව කියන අමාත්‍යවරයා මෙකී වෙනසේ කොටස් කාරයෙකු වන්නට අවශ්‍ය බව කියා සිටී.
තරුණ තරුණියන්ගේ නව පිබිදීම පිළිබඳව ද ප්‍රශංසාත්මක කතා කළ ඒ මහතා ඡන්දය ලබා දීමෙන් පමණක් සියල්ල කළ නොහැකි බවත් සියල්ලම එකට එකතු වී මේ රට ගොඩනැඟීමට කටයුතු කළ යුතු බව ද දිසානායක මහතා කියා සිටී.
එමෙන්ම, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී නව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති මෙරට ක්‍රියාවට නැංවීම උදෙසා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඇති කිරීමේ වැදගත්කම මෙහි දී පෙන්වා දෙනු ලැබීය. ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ලබාගත යුතු බවත් එමඟින් නව අනපනත් සම්පාදනය කරමින් රටට අවශ්‍ය අලුත් වෙනස සිදු කිරීමට හැකි වන බව ද ඒ මහතා කියා සිටියි.