ඉසඩ් (z) අගය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් විභාග කොමසාරිවරයා මේ අඳහස් පළ කළේ ය.
මෙවර උසස් පෙළ විභාගය විෂය නිර්දේශ දෙකක් යටතේ පැවැතිවිණි.විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ නියමය පරිදි ඉසඩ් අගය ගණනය කිරීම ආකාර දෙකක් යටතේ සිදු කර තිබේ. දිස්ත්‍රික් රෑන් එක සහ දිවයිනේ රෑන් එක විෂම නිර්දේශ දෙකට වෙන වෙනම සකස් කර තිබේ.
මේ පිළිබඳව විභාග අපේක්ෂකයින් අවබෝධ කර ගත යුතු බව විභාග කොමසාරිවරයා සඳහන් කයි. විශේෂඥ කමිටුවකින් මෙම එසඩ් (z) අගය ගණනය කිරීම තීරණය කර තිබේ.
මේ පිළිබඳව තවදුරටත් අඳහස් දැක් වූ විභාග කොමසාරිවරයා;
පසුගිය වසර 5ක ප්‍රතිඵල අනුව, විශ්වවිද්‍යාලයට තේරුණු ආකාරය අධ්‍යනය කර විශ්වවිද්‍යාල වෙත සිසුන් බඳවා ගැනීම සිදු කරන්නේ. නැතිනම් වැරදි අඳහසක් එන්නට පුළුවන්.මේ පිළිබඳව තේරුම් ගත යුතුයි. සිෂ්‍ය කණ්ඩායම් දෙකක් නිසා මෙය වෙන වෙනම සකස් කර තිබෙන්නේ.
මෙවර උසස් පෙළ විභාගය සඳහා 3,37,704ක් පෙනී සිට තිබෙනවා. විෂය තුන සඳහා පෙනී සිටි සංඛ්‍යාව 2,81,786ක්.මින් 1,81,126ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.සියයට 64.28%ක්. ගිය වසරේ මෙය සියයට 62.86%ක්.මෙවර වැඩිවීමක් පෙන්නුම් කරනවා.එය සතුටට කරුණක් යැයි ද පැවසීය.