පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    සමෘද්ධි කළමණාකරුවන්ගේ නොවිසදුනු ගැටලුවලට කඩිනම් විසදුම්

    දෙසැම්බර් 30, 2019

    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ සමස්ත ලංකා සමෘද්ධි කළමණාකරුවන්ගේ සංගමය අතර සමෘද්ධි කළමණාකරුවන්ගේ නොවිසදුනු වෘත්තීය ගැටලු විසදා ගැනීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක්, සෙත්සිරිපාය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

    සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ සමෘද්ධි කළමණාකරුවන් ලෙස සේවය කරන සාමාජිකයින්ගේ නොවිසදුනු ගැටලු රාශියක් මෙහිදී සාකච්ඡාවට බදුන්විය. මෙම සාකච්ඡාවේ දී සමෘද්ධි කළමණාකරුවන් පෙන්වා දෙනු ලැබුයේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මීට පෙර සමෘද්ධි අමාත්‍යවරිය ලෙස කටයුතු කරන අවස්ථාවේ සමෘද්ධි කළමණාකරුවන් සදහා 5 ශ්‍රේණි උසස්වීමක් ලබාදුන් බවත්, එතැන් සිට පසුගිය කාල සිමාව තුළම කිසිදු ගැටලුවකට සාර්ථක විසදුමක් බලධාරින් ලබාදී නොමැති බවයි.

    ඒ අනුව සමාද්ධි කළමණාකරුවන් තම වෘත්තීය ගැටලු අමාත්‍යවරිය වෙත පෙන්වා දෙන ලදි. වසර 10 ක සේවා කාලයක් ඉක්මවා ඇති MN-4 සමෘද්ධි කළමණාකරුවන් MN-7 තනතුරට උසස් කිරිම පිළිබද ඔවුන් පළමුව පෙන්වා දෙන ලද අතර, ඒ සදහා කම්ටුවක් පත් කොට නිසි ක්‍රමවේදයක් සකස් කර අනුමත ක්‍රියාවලියකට අනුව හැකි ඉක්මණින් එම උසස්වීම් ලබාදිමට කටයුතු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි. පුර්ණ විශ්‍රාම වැටප් හිමිකම් ලැබීම සදහා ETF මුදලින් ගෙවිය යුතු සියයට 60 ක මුදලින් පොලිය හැර මූලික මුදල පමණක් අය කිරීම පිළිබද සකච්ඡා කළ අතර ඒ් සදහා කැබිනට් පත්‍රිකාවක් යොමු කර අවශ්‍ය කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බව සදහන් කරන ලදි.

    සේවා කාලය සමග දෙපාර්තමේන්තු ගත වූ සමෘද්ධි සේවකයින් සදහා හිඟ වැටුප් ලබාදිම, සමෘද්ධි කළමණාකරුවන් සදහා ගමන් වියදම් ලබාදීම පිළිබදව ද සාකච්ඡා කෙරුණ අතර හිඟ වැටුප් කොපමණ ද යන්න ගණනය කර තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙසත් අනතුරුව ඒ සදහා අවශ්‍ය කටයුතු සිදු කිරිමට පියවර ගන්නා බවත්, ගමන් වියදම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවද ගමන් වියදම් ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් වැඩි කරලා ඉල්ලීමටත් මදිවන ප්‍රමාණය බැංකු මාල්‍ය අංශයේ අරමුදල් වලින් ලැබෙන ලාභයෙන් ගෙවිමට පියවර ගත යුතු බවත් අමාත්‍යවරිය පෙන්වා දෙන ලදි.

    මීට අමතරව අනුමත කර ඇති සහකාර අධ්‍යක්ෂ තනතුරු සදහා සමෘද්ධි කළමණාකරුවන් උසස් කිරිම, සමෘද්ධි බැංකු විගණනය කිරිම, බැංකු පරිගණක ගත කිරිම, සේවා ව්‍යවස්ථාවක් සැකසිම හා අනුමත කර ගැනීම, විශ්‍රාම වැටප් ලබාදීම, සන්නිවේදන හා වැඩබැලීමේ දීමනා ලබාගැනීම, ඇතුලු සමෘද්ධි බැංකුවල පරිපාලන ගැටලු විසදා ගැනීම ආදිය ඔවුන් පෙන්වා දෙන ලද වෘත්තීය ගැටලු අතර ප්‍රධාන විය. අභ්‍යන්තර විගණනනය ශක්තිමක් කිරීමට කටයුතු කරන ලෙසට ද අමාත්‍යවරිය නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදි.

    අමාත්‍යවරිය සමග පැවැති සාකච්ඡාව ඉතාම සාර්ථක බව සමස්ත ලංකා සමෘද්ධි කළමණාකරුවන්ගේ සංගමයේ නිලධාරින් පෙන්වා දුන් අතර, නිලධාරින්ගේ සහ ව්‍යාපාරික යන දෙඅංශය ගැනම අමාත්‍යවරියගේ අවධානය යොමු විම සංගමයක් විදිහට අගය කරන බවත්, සංගමයේ නොවිසදුනු ගැටලු නිරාකරණය කිරිම උදෙසා සාකච්ඡාවක් කැදවා අවශ්‍ය කටයුතු කිරිම පිළිබදව එම සංගමයේ නිලධාරීන් සිය ස්තූතිය අමාත්‍යවරිය වෙත පුද කරන ලදි.

    මෙම සාකච්ඡාව සදහා සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින්, සමස්ත ලංකා සමෘද්ධි කළමණාකරුවන්ගේ සංගමයේ සභාපති පී.කේ රනුග්ගේ මහතා, සමලේකම් දිසානායක ලියනගේ මහතා, ඊ.ඒ.එස් ඉදිරිසිංහ මහතා, අමාත්‍ය පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා ඇතුලු සමෘද්ධි කළමණාකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya