අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,පසුගියදා මාර්ග සංවර්ධන අධිකාරියෙහි පැවති සාකච්ඡාවක දී අදහස් දක්වමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා; මගනැගුම ආයතනය මසකට මෙසේ විශාල පිරිවැයක් දැරූවත් එවැනි විශාල මුදල් ප්‍රමාණයක් සෑමවිටම රජයෙන් එම ආයතනය වෙත ලබාදීම ප්‍රායෝගික කරුණක් නොවෙයි. එමනිසා මගනැගුම ආයතනය සඳහා විවිධ ව්‍යාපෘති සම්බන්ධීකරණය කොට තම මැදිහත්වීමෙන් ඒ සඳහා නව ව්‍යාපෘති ලබාදීමට කටයුතු කරනවා. ඒ තුළින් ආදායම ඉපයිය යුතුයි.
ඒ අනුව සිව් වසරක් පමණ අකර්මණ්‍ය වී පැවති මගනැගුම ආයතනය නැවත ලාභ උපයන ආයතනයක් බවට පත්කිරීම අරමුණක් බව අමාත්‍යවරයා පැවසීය.
අදාළ සාකච්ඡාවේ දී අමාත්‍යවරයා අවධාරණය කළ තවත් විශේෂ කරුණක් වූයේ, මේ වනවිට “මගනැගුම” තුළ මහාමාර්ග තැනීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන වැඩබිම් පවතින බැවින් මෙම අමුද්‍රව්‍ය නිෂ්පාදන කටයුතු මගනැගුම වැඩබිම් තුළම සිදුකර වැඩි වශයෙන් ලාභ ඉපයීමට කටයුතු කිරීම වැදගත් වන බවයි.