මේ වන විට විවිධ දේශපාලනඥයින් විසින් රුපියල් 98 ට ලබා ලබා දෙස සහල් නරක සහල් යැයි අසත්‍ය ප්‍රචාර ගෙන යමින් පවතින බවත්, රජය විසින් කිසිඳු අවස්ථාවක නරක සහල් ජනතාවට ලබා නොදෙන බවත් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (31) තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.
එවැනි අසත්‍ය ප්‍රචාර මඟින් වෙළඳපොලට දැඩි පහරක් එක් වන බවත් පැවසූ අමාත්‍යවරයා, මෙවැනි පාලන මිලක් ඇති කිරීමට හේතුව වශයෙන් කියා සිටියේ එළැඹෙන අවුරුදු කාලය සඳහා ජනතාවට සහන සැලසීම සඳහා බවය.
මිට පෙර ගෙන්වන ලද මිනිස් පරිභෝජනයට සුදුසු සහල් පාරිභෝගික අවස්ථා වෙනුවෙන් වෙළඳපොළට නිකුත් කිරීම සිදු නොකිරීම මත එකී සහල් මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් මෙට්‍රික් ටොන් ගණනාවක් ගබඩා ගතව ඇති බවත් එම සහල් 2020 පෙබරවාරි 20 වන විට කල් ඉකුත් වීමට නියමිතව ඇති බවත් මෙහි දී සඳහන් කෙරිණි. පසුගිය කාලවල දී පිටරටින් ගෙන්වන ලද සහල් වලින් ඉතිරි මෙට්‍රික් ටොන් 100 ක ප්‍රමාණය ගන්නොරුව කෘෂි පර්යේෂණ ආයතනය මඟින් සහතික කිරීමෙන් අනතුරුව කිලෝවක් රුපියල් 58 ක් වැනි අඩු මුදලකට ටෙන්ඩර් කර සත්ත්ව ආහාර සඳහා පිටට දීමට සිදු ඇති බවත් කී අමාත්‍යවරයා සහල් නිසියාකාරයෙන් වෙළඳපලට නිකුත් නොකිරීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන බව මෙහි දී කියා සිටියේය. එමෙන්ම, එකී පරීක්ෂණ සඳහා දේශපාලනික වශයෙන් කිසිඳු අයුරකින් මැදිහත්වීමක් සිදු නොකරන බවත් මෙහි දී සඳහන් විය. මෙම මාධ්‍ය හමුව සඳහා ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ද එක් විය.