පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ''ගෝඨාභය අධ්‍යාපන විප්ලවය'' යටතේ 2020 දී විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන සියලු දරු දැරියන්ට උසස් අධ්‍යාපනය ලැබීමට දොරගුළු විවර කරනවා

    දෙසැම්බර් 31, 2019

    ගෝඨාභය අධ්‍යාපන විප්ලවය යටතේ,වසර 2020 දී විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන සියලු දරු දැරියන්ට උසස් අධ්‍යාපනය ලැබීමට දොරගුළු විවවර කිරීමට වැඩසටහන් රැසක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙන බව තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

    2020 වසරේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා එකවර කණ්ඩායම් දෙකක් බඳවා ගැනීමට පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

    දෙගුණයක් සිසුන් එක් වර බඳවා ගැනීමේදී යම් යම් අභියෝගයන්ට මුහුණ දීමට සිදුවිය හැකි බව පැවසූ ඒ මහතා දැනට භාවිතා නොකරන දේශණ ශාලා ආදිය භාවිතා කිරීමට සහ රාත්‍රී කාලයේ දේශන පැවැත්වීම් වැනි ක්‍රම මගින් මීට මුහුණ දීමට සිදු වෙන බවද විශ්ව විද්‍යාල අචාර්යවරුන්ට සහ රාජ්‍ය අංශයට යම් යම් කැප කිරීම් සිදු වෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිණි. දෙමව්පියන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද මේ සඳහා තම සහයෝගය ලබා දෙන මෙන්ද උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

    අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ප්‍රථිපල ප්‍රමාද වීම නිසා දරුවන්ට මහත් අසාධාරණයක් වෙන බවත් ඉදිරියේදී අධ්‍යාපන අමාත‍්‍යංශය සහ විභාග දෙපාර්තමේන්තුව සමග එක්ව මේ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් ඒ මහතා පැවසීය.

    මෙම ආයතන අතර නිසියාකාර අන්තර් සබඳතාවක් නොමැති වීමද මීට හේතුවක් වී ඇත. තවද නව විශ්ව විද්‍යාල කිහිපයක් විශ්ව විද්‍යාල පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya