පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    2020 වසරේ විශ්ව විද්‍යාලයට සිසුන් කණ්ඩායම් 02 ක් ඇතුළත් කර ගැනීමට යයි

    දෙසැම්බර් 31, 2019

    විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසකම් ලබා සිටින 2018 සහ 2019 උසස් පෙළ සමත් ශිෂ්‍ය කණ්ඩායම් දෙකම 2020 වසර තුළ රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇතුළත් කර ගැනීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම උපකුලපතිවරුන් සහ ආචාර්ය මණ්ඩල සමඟ සාකච්ඡා කරගෙන යන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    පසුගිය රජය පැවති කාලයේ ක්‍රමවත් වැඩපිළිවෙලක් නොතිබීම නිසා 2018 වසරේ උසස්පෙළ සමත් වී විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා සිටින සිසුන්ට වසරකට අධික කාලයක් බලා සිටීමට සිදු වී ඇති බවත්, මේ වසරේ එවැනි තත්ත්වයක් යළි ඇති වීමට ඉඩ නොතබන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (31) පැවති මාධ්‍ය හමුවක දී ඇමතිවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya