පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    උදාවන නව වසර ආදරණීය ශ්‍රී ලාංකේය ජනතාවගේ සෑම ප්‍රාර්ථනාවක්‌ම ඉටුවේවා- හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන

    ජනවාරි 01, 2020

    උදාවන නව වසර ආදරණීය ශ්‍රී ලාංකේය ජනතාවගේ සෑම ප්‍රාර්ථනාවක්‌ම ඉටුවන සියල්ලන්ගේ චිර ජීවනය හා සෞභාග්‍යය සැලසෙන සුභ වසරක්‌ වේවා යැයි හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

    2020 නව වසර උදාව වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

     

    පණිවුඩය
    උදාවන නව වසර  ආදරණීය ශ්‍රී ලාංකේය ජනතාවගේ සෑම ප්‍රාර්ථනාවක්‌ම ඉටුවන සියල්ලන්ගේ චිර ජීවනය හා සෞභාග්‍යය සැලසෙන සුභ වසරක්‌ වේවා යැයි ප්‍රාර්ථනය කරමි.

    2020 නව වසරත් සමඟ උදාවන්නේ තීරණාත්මක කාලපරිච්ඡේදයකි. ඒ හා බැඳුණු සියලු අභියෝග පුද්ගලයන් වශයෙන් ද, දේශයක්‌ වශයෙන් ද ජය ගත යුතු අවස්‌ථාවකි.  මෙම වසර ආර්ථික සංවර්ධනයේ මෙන්ම දේශපාලන ක්‌ෂේත්‍රයේ ද සුවිශේෂී වසරක්‌ වන්නේය. මේ සියල්ල කරා අප පියවර තැබිය යුත්තේ ජාතික සමගියත්, සාමයත් සංහිඳියාවත් සුරක්‌ෂිත කොටගෙනය. ජාතියේ සැබෑ සමෘද්ධිය උදාකර ගැනීමටත්, රට ගොඩනැඟීමටත් ඇති නිවැරදි මඟ එය බව අප අවබෝධකරගත යුතුයි.

    එමෙන්ම අපගේ අධිෂ්ඨානයන් පරිපූර්ණ කරගත හැක්කේ අප පූර්ණ ලෙස පොදු යහපත වෙනුවෙන් වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායීව කාලය කළමණාකරණය කරගනිමින් නිවැරදි  දේ නිවැරදිව ඉටුකිරීමේ වගකීමකට අනුගත වීමෙනි. එළැබෙන හෙට දවසේ අපට මුහුණ දෙන්නට සිදුවන සොබාදහමේ  අහිතකර සංචලනයන් අප තේරුම් ගත යුතුය. පරිසරය කෙරෙහි අප ඉතා දැඩිව සංවේදී විය යුතු බව කාළගුණික
    සාධක අපට බලකර සිටී.

    වඩාත් සුබවාදී වාසනාවන්ත අනාගතයක් ගොඩනැඟීමටත් අද ජීවත්වන ජනතාවට මෙන්ම හෙට උපදින දරුවන්ටත් හොඳ රටක් ගොඩනැඟීම වෙනුවෙන් ස්වකීය යුතුකම් ඉටුකිරිමට සියලුදෙනාට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරන අතර,  ලැබුවා වූ නව වසර සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවන ජයග්‍රාහී වසරක්‌ වේවා යි පතමි.

    මෛත්‍රීපාල සිරිසේන
    හයවන ජනාධිපති (විශ්‍රාමික)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya