පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රජාතන්ත්‍රවාදී,සුබවාදී ඉදිරි ගමන එළැඹෙන නව වසරේ ද අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ වගකීම අප සතුයි- රනිල් වික්‍රමසිංහ

    ජනවාරි 01, 2020

    ප්‍රජාතන්ත්‍රවාදී සහ සුබවාදී ඉදිරි ගමන එළැඹෙන නව වසරේ ද අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ වගකීම පුරවැසියන් ලෙස අප සැම සතු බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අලුත් අවුරුදු පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    එම පණිවුඩයේ මෙසේ ද සඳහන් වෙයි

     

    මීට වසර පහකට පෙරාතුව අප බාර ගත්තේ සමාජ, ආර්ථික සහ දේශපාලනික වශයෙන් පිරිහී ගිය දේශයකි. ගෙවුණු කාලසීමාව තුළ ජනතාව වෙත සමාජ, දේශපාලන, මානව නිදහස අයත් කරදීම සඳහාත්, ජාත්‍යන්තර වශයෙන් අප රට පිළිබඳව පැවති අඳුරු ආකල්ප වෙනස් කොට සුහදශීලී වාතාවරණයක් ගොඩනැගීම සඳහාත්, තිරසර සංවර්ධන ක්‍රියාවලියක් ඔස්සේ ආර්ථික ස්ථාවරභාවයකට පදනම දැමීම සඳහාත් කටයුතු කළෙමු.

    මේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සුබවාදී ඉදිරි ගමන එළැඹෙන නව වසරේ ද අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ වගකීම පුරවැසියන් ලෙස අප සැම සතුය. ඊට අවශ්‍ය ශක්තිය, ධෛර්යය දේශය පුරා පැතිරෙන, පුරවැසි බලය තහවුරු කෙරෙන සුබ නව වසරක් ඔබ සැමට ඉත සිතින් ප ප්‍රාර්ථනා කරමි.

    රනිල් වික්‍රමසිංහ
    හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්‍ෂ නායක.
    2020 ජනවාරි 01

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya